21st January 2025 15:47:49 Hours
ආරක්ෂක සේනා (වන්නි) ආඥාපති මේජර් ජෙනරල් ජේපිසි පිරිස්ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ සංකල්පයකට අනුව , 59 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිමේජර් ජෙනරාල් ඩිආර්එන් හෙට්ටිආරචිච් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මගපෙන්වීම යටතේ593බළසේනාවට අයත් 6 ගැහේබ ඒකකයෙහි දී 2025.01.19 වන දින විචිත්‍රවත් සංදර්ශණයක් සමගින් අංගම්පොර සටන් කලාව පිළිබද පුහුණු වැඩමුළුව ආරම්භ විය. 59 සේනාංකය යටතේ පාලනය වන පාබල ඒකක 06 ක රාජකාරි සිදුකරන සෙබළුන් 70 ක් මෙම වැඩමුළුව සදහා සහභාගී වී ඇත. මෙම වැඩමුළුව2025.01.20 වන දින සිට 2025.02.02 වන දින දක්වා පැවැත්විමට නියමිත අතර මෙම වැඩමුළුව සාර්ථකව සිදුකිරීම සදහා යුද්ධ හමුදා අංගම්පොර සංචිතය වෙතින් උපදේශකයින් 15 කුගේ (00 X 15)සහයෝගය ලැබී ඇත.