Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

22nd July 2025 12:52:48 Hours

59 වන පාබල සේනාංක මුලස්ථානය සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් පවත්වයි

59 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩිආර්එන් හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිවිපී ආර්එස්පී යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්ගේ සංකල්පයකට අනුව 59 වන පාබල සේනාංකය සහ යටතේ පාලනය වන පාබල බලසේනා හා ඒකකයන්හි රාජකාරි කරනු ලබන සියළුම නිලධාරි/සෙසුනිලයින්ගේ සහයෝගය මිත්‍රත්වය වර්ධනය කිරිම හා රාජකාරි කටයුතු සිදු කිරිමේදි පවතින ඒකාකාරි බවින් මිදිමට සහ ක්‍රිඩා හැකියාවන් වර්ධනය කිරිමේ අරමුණින් පවත්වන ලද සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව සහ අවසාන තරග 2025.07.19 වන දින 59 වන පාබල සේනාංක මූලස්ථාන ක්‍රිඩාංගනයේදී පවත්වන ලදී.

අර්ධ අවසන් පුර්ව වටය සඳහා 59 වන පාබල සේනාංක මුලස්ථාන ක්‍රිකට් කණ්ඩායම, 12 වන බළඇණිය ශ්‍රි ලංකා පාබල හමුදා ක්‍රිකට් කණ්ඩායම, 5 වන (ස්වේච්ජා) ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු ක්‍රිකට් කණ්ඩායම සහ 6 වන ශ්‍රිලංකා ජාතික ආරක්‍ෂක බලමුළු ක්‍රිකට් කණ්ඩායම සුදුසුකම් ලැබු අතර, ඉතා තියුණු තරග කිහිපයකින් පසු 12 වන ශ්‍රි ලංකා පාබල හමුදාව හා 6 වන ශ්‍රිලංකා ජාතික ආරක්‍ෂක බලමුළු අවසන් වටය සඳහා සුදුසුකම් ලැබිය. ඒ අනුව අවසන් මහා තරගයෙදී 12 වන බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායම පරාජය කොට තරඟාවලියේ සමස්ථ ශූරතාවය හිමි කරගනිමින් 6 ශ්‍රිලංජාආබාමු කණ්ඩායම විසින් 59 වන සේනාංක කුසලාන හා ත්‍යාගයන් ඔවුන් සතුකර ගැනීමට සමත්වන ලදී.