05th October 2024 15:53:47 Hours
59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩීආර්එන් හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 592 පාබල බලසේනා මූලස්ථානයේ 2024 සැප්තැම්බර් මස 30 වන දින නිළ සංචාරයක නිරතවන ලදි. මෙම සංචාරය සඳහා 59 පාබල සේනාංක මූලස්ථානයෙහි නියෝජ්‍ය සේනාංකාධිපති, කර්නල් (පාලන/භකාස) සහ කර්නල් සම්බන්ධීකරණ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද සහභාගි විය. මෙහිදී 592 පාබල බලසේනාවේ බලසේනාධිපති වන බ්‍රිගේඩියර් පීජීසීඑස් ගාල්ලගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 59 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති යුද්ධ හමුදා සම්ප්‍රධායානුකූලව පිළිගත් අතර, ඉන් අණතුරුව බලසේනාධිපති, 5 (ස්වෙච්ජා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 14 (ස්වෙච්ජා) ගැමුණු හේවා බලකායෙහි අණදෙන නිලධාරිවරුන් විසින් තම බලප්‍රදේශ පිළිබඳව මෙන්ම පැවරී ඇති කාර්යයන් සම්බන්ධව සේනාංකාධිපති තුමන් හට ඉදිරිපත් කිරීමක් සිදුකරන ලදි.සේනාංකාධිපති විසින් 592 පාබල බලසේනා මූලස්ථානය යටතේ ඇති බලඇණි හි සංචාරය කරන ලද අතර, ඉන් අණතුරුව ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ පිහිටි උළු කර්මාන්ත ශාලාවද නිරීක්ෂණය කරන ලදි. මෙහිදී 5 (ස්වෙච්ජා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු බලප්‍රදේශයේ තෝරාගත් අඩු ආදායම් ලබන පවුලක් සඳහා ගෘහ උපකරණ බෙදාදීමක්ද සිදුකරන ලදි.