20th November 2024 11:26:08 Hours
වර්ෂ 2024 ක්වූ නොවැම්බර් මස 16 සහ 17 යන දෙදින තුල හිටපු ඉන්දීය සාමසාධක හමුදාවේ කිර්තිමත් නිලධාරි මඩුල්ලක් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සමගින් මුලතිව් 59 වන සේනාංක බලප්‍රදේශය තුල සංචාරයක නිරත වූ අතර, ඔවුන් ආරක්ෂ ක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් ජේපීසී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ඉතා උණුසුම් අන්දමින් පිළිගනිමින් ඔවුන් හට ඉතාමත් ඉහළ ආගන්තුක සත්කාරයන් පිරිනමන ලදී.
සපැමිණි ජ්‍යෙෂ්ඨ නිලධාරින් අතර,ඉන්දිය යුද හමුදා පාබල පුහුණු පාසලේ සේනාවිධායක ලුතිතන් ජෙනරාල් ගජේන්ද්ර, ජෝෂි සහ හිටපු නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලුතිතන් ජෙනරාල් සරත් චන්ද්‍ර (විශ්‍රාමික) යන නිලධාරින්ද වූ අතර, ඔවුන් වෙත 59 වන සේනාංක මූලස්ථාන නිලධාරි නිවස්නයෙහි විචිත්‍රවත් සන්ධ්‍යාවකදී රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පවත්වන ලදී. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සාමය සහ සහෝදරත්වයේ කල්පවත්නා උරුමය තවත් ශක්තිමත් කරමින් පැමිණි ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් මහත් අභිමානයකින් යුක්තව සංචාරය නිමාකරන ලදී.