Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

24th October 2025 18:33:59 Hours

59 වන පාබල සේනාංක මුලස්ථානයේ 24 වන සේනාංකාධිපති වැඩ භාර ගැනිම

මෙම පාබල සේනාංක මුලස්ථානයෙහී 24 වන සේනාංකාධිපති වශයෙන් මේජර් ජෙනරාල් එම් ඩබිලිව් එස් මිල්ලගල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පී එච්ඩිඑම්සි පිඑස්සී (නි/62485) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2025.10.21 වන දින 0905 පැයට යෙදුනු සුභ මොහොතින් වැඩ භාරගන්නා ලදී. එම උත්සව මාලාව නිමිතිකොට ගෙන සම්මාන මුරයක් 5 (සෙව්) ශ්‍රිලංසිරෙ ඒකකය වෙතින් හා සම්මාන පෙළපාලිය 10 ශ්‍රිලංසිරෙ ඒකකය වෙතින් පැවැත්වු අතර, පැලයක් රෝපණය කරිම හා ඉන් අනතුරුව සියළු නිලයින් ඇමතිමෙන් පසු සියළුම නිලයින්ගේ සහභාගින්වයෙන් තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදී.

මේ සඳහා 591, 592 හා 593 පාබසේමු සේනාංකාධිපතිවරුන් සහ යටතේ පාලනය වන ඒකක අණනදෙන නිලධාරිවරුන්, සේනාංක මුලස්ථානයේ , කර්නල් ප්‍රමානි, කර්නල් (පාලන/භාකාශ) ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්,නිලධාරින්, ජ්‍යෙකොනොනින් සහ සෙසු නිලයින් සහභගි වන ලදී.