Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

27th August 2023 12:27:51 Hours

562 පාබල බළසේනා මූලස්ථානය මගින් සංවිධානය කරන ලද වව්නියාව ප්‍රදේශයේ පාසැල් ළමුන් 150 ක් වෙත පාසැල් පොත් සහ පාසැල් උපකරණ බෙදාදීමේ වැඩසටහන

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ පාලනය වන 56 පාබල සේනාංකයේ ස්ථාපිත 562 පාබල බළසේනාව මහජන බැංකු බෞද්ධ සංගමය සමඟ සම්බන්ධීකරණයෙන් හා අනුග්‍රාහක දායකත්වයෙන් ලබාගත් පාසැල් පොත් සහ පාසැල් උපකරණ වවිනියාව බෝගස්වැව මහා විද්‍යාලය, ඇටඹගස්කඩ මහා විද්‍යාලය, මහකච්චිකොඩිය මහා විද්‍යාලය, අග්‍රබෝධි විද්‍යාලය සහ නෙදුක්කලම ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන අඩු ආදායම්ලාභි පවුල් වල පාසල් ළමුන් 150 දෙනෙකු සඳහා බෙදාදීමේ සමාජ සත්කාරක වැඩසටහන 2023 අගෝස්තු මස 23 වන දින මාමඩුව ශ්‍රී සවර්ණතිලකාරාමයේදී පවත්වන ලදි.

56 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච් ජී පී එම් කාරියවසම් ආර්එස්පී එන්ඩීසී පීඑස්සී අයිජී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමා මෙම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වු අතර, 562 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ටී එම් එස් ජේ තෙන්නකෝන් ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම යටතේ මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.

එමෙන්ම 561 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් කේ එම් ජී බණ්ඩාරනායක යූඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි, මහජන බැංකුවේ බෞද්ධ සංගමයේ සභාපති රොහාන් පෙරේරා මහතා, මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ තනතුරු දරන්නන් රැසක් හා බළසේනාව යටතේ ඇති ඒකකයන්හි අණදෙන නිලධාරි වරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින්, සෙසුනිලයින්, පාසැල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ එම පාසැල් වල සිසු දරුදැරියන් මෙම අවස්ථාවට සහභාගී විය. තවද පාසැල් සිසු දරු දැරියන් ඔවුන්ගේ විචිත්‍රාංග වලින් මෙම අවස්ථාව වර්ණවත් කල අතර, එම සිසු දරු දැරියන් හට ත්‍යාග ලබාදීමෙන් අනතුරැව පැමිණ සිටි සියලු දෙනා හට තේ පැන් සංග්‍රහයක් ලබාදීමෙන් පසු උත්සව කටයුතු නිමා කරන ලදි.