Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

24th February 2024 17:56:33 Hours

561 වන පාබල බළසේනා බලප්‍රදේශයේ සිවිල් ජනතාව වෙත ආයුර්වෙද වෛද්‍ය සායනයක්.

561 පාබල බළසේනා බලප්‍රදේශයේ පදිංචි සිවිල් වැසියන් සඳහා 16 ශ්‍රිලංසිරෙ ඒකකයට අයත් කුරිසුඩ්ඩකුලම් ග්‍රාමයේදි ආයුර් වේද වෛද්‍ය සායනයක් 2024.02.22 වන දින 0900 පැයේ සිට 1300 පැය දක්වා කාලය තුල පවත්වන ලදි.

මෙම වෛද්‍ය සායනය පෙරියකුලම් ආයූර්වේද රෝහලේ ප්‍රධාන වෛද්‍ය තුමිය ඇතුලු කාර්ය මණ්ඩලය විසින් පවත්වනු ලැබු අතර ප්‍රදේශයේ සිවිල් වැසියන් 61 දෙනෙකු විවිධ රෝග සදහා ප්‍රතිකාර ලබා ගන්නා ලදි. මෙම වැඩසටහන 561 වන පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එම්ජීඒ මලන්දෙනිය ආර්එස්පී ගේ උපදෙස් හා මගපෙන්විම මත 16 වන බළඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ඩබ්ලිව්එච් වික්‍රමසිංහ ආර්එස්පී යූඑස්පී ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ සිදුකල අතර, එහි සංවිධාන කටයුතු 16 වන බළඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් නිළධාරින් හා සෙසුනිළයින් විසින් සිදු කරන ලදි.