Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

20th December 2023 20:11:22 Hours

561 පාලබ බසේමු 14 වන සංවත්සරය සැමරිම

බිග්‍රේඩියර් කේඑම්ජි බංඩාරනායක යුඑස්පි පිඑස්සි මග පෙන්වීම යටතේ 561 පාබල බළසේනා මුලස්ථානයේ 14 වන සංවත්සරය 2023 දෙසැම්බර් මස 7 වන දින කනගරායන්කුලම් කදවුරේදී පවත්වන ලද අතර එහිදී භඨ පිරිස් හි නොසැලෙන කැපවීම මත වැඩසටහන් රාශියක් එම උත්සව අවස්ථාවේදී දැක ගැනීමට හැකි විය.

561 පාබල බසේමුහි රාජකාරි නියතු නිලධාරි/සෙසු නිලයින්ගේ ක්‍රිඩා දක්ෂතාවය ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් කණ්ඩායම් 04 සහභාගිත්වයෙන් වොලිබෝල් හා ක්‍රිකට් තරඟාවලියන් 561 පාබල බසේමු ක්‍රීඩා පිටියෙදි පවත්වන ලදි.

ඊට අමතරව යාපනය මහ රෝහල සමඟ සම්බන්ධතාවයෙන් යුතුව මෙම පාබල බසේමු හා 56 පාබල සේමු යටතේ පාලනය වන ස්ථානයන්හි රාජකාරි නියතු නිලධාරි/සෙසුනිලයින්ගේ සහභාගිත්වයෙන් ලේ දන්දිමේ වැඩසටහනක් පවත්වන ලදි.

561 පාබල බළසේනා මුලස්ථානයේ 14 වන සංවත්සරය ආරම්භය සනිටුහන් කිරීම වස් බළසේනාධිපති බ්‍රිගේඩියර් කේ එම් ජී බණ්ඩාරනායක යූඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමා හට සම්මාන මුර පෙළපාලියක් පිරිනැමිමෙන් පසු බළසේනා දිනය සංකේතවත් කිරීම පිණිස පැලයක් රෝපණය කිරීමෙන් අනතුරුව බළසේනාධිපතිතුමා ඇතුලු සියලු නිලයන් සහිත දිවා භෝජන සංග්‍රහයට සහභාගී වි ඔවුන්ගේ නොසැලෙන කැපවීම සහ රාජකාරිය සඳහා වූ කැපවීම අගය කර සියළුම භට පිරිස් අමතන ලදී .අවසානයේ සියලුම තරාතිරම්වල සිත් ප්‍රබෝධමත් කිරීම පිණිස 561 පාබල බසේමු පරිශ්‍රයේදී තුල සංගීත වැඩසටහනක් සහ රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන ලදි.