Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

22nd July 2024 20:19:44 Hours

561 බළසේනාවේ බළසේනාධිපති රාජකාරි ආරම්භ කිරිම

බ්‍රිගේඩියර් බීඩී ප්‍රනාන්දු යුඑස්පී එච්ඩිඑම්සී පීඑස්සී, 2024 ජූලි 15 වන දින, කනකරායන්කුලම් හි පිහිටි 561 පාබල බලසේනා මූලස්ථාන පරිශ්‍රයේදී ආගමික ආශිර්වාද මධ්‍යයේ 561 වන පාබල බලසේනාවේ 11 වන බළසේනාධිපති ලෙස වැඩ භාර ගන්නා ලදී. 16 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් පිරිනමන ලද කඳවුරු සම්මාන මුරයක්ද සහිතව බළසේනාධිපති උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

තවද, බළසේනාධිපති විසින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කර, සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සිය රාජකාරී භාරගැනීම සිදුකරනු ලැබූ අතර, ඊට සමගාමීව බලඇණිවල අණදෙන නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන් සහ සෙසුනිලයින් අමතන ලදී.