Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

24th February 2024 12:35:24 Hours

56 සේනාංකාධිපති පලමු සංචාරය

56 සේනාංකාධිපති , මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි තම ප්‍රථම රාජකාරි සංචාරය ලෙස 563 බලසේනා බලප්‍රදේශය 2024 පෙබරවාරි මස 17 සහ 18 යන දිනයන් හිදි සංචාරය කරන ලදි.

563 බලසේනාධිපතිතුමන් විසින් සේනාංකාධිපති ඉතා උණුසුම් ලෙස පිලිගත් අතර ප්‍රථමයෙන්ම තම බලප්‍රදේශය පිලිබද හැදින්විම සිදු කරන ලදි. ඉන්පසු සේනාංකාධිපතිතුමන් විසින් සමරු සටහන් පොත අත්සන් තබා 7 ශ්‍රිලංසිරෙ වෙත පිටත් විය.

7 ශ්‍රිලංසිරෙ කදවුරු සම්මාන මුරය මධ්‍යයේ පිලිගත් සේනාංකාධිපතිතුමන් විසින් ඒකකයේ භඨපිරිස් ඇමතීමෙන් පසු සංචාරය සනිටුහන් කරනු වස් “මී ශාකයක්” සිටුවිම එහිදි සිදු කරන ලදි.

මෙම සංචාරයේ දෙවන අධියර ලෙස 11 ගැහේබ වෙත සංචාරය කල අතර ඉන් අනතුරුව නන්ද්‍රිමිත්‍රගම ගම්මානය නිරීක්‍ෂණ චාරිකාවක යෙදෙන ලදී.

මෙම අවස්ථාව සදහා නියෝජ්‍ය සේනාංකාදිපති, බල සේනාංකාධිපතිවරුන්, කර්නල් ප්‍රධාන මාණ්ඩලික සහ අණදෙන නිළධාරින් සහභාගි වන ලදි.