Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

09th September 2024 09:11:13 Hours

56 සේනාංකාධිපති තුමාගේ සංකල්පයකට අනුව 561 වන පාබල බලසේනා මුලස්ථානය අධික්‍ෂණය යටතේ PACES තරගාවලියක් පැවැත්විම

56 වන පාබල සේනාංකය විසින් 2024 වර්ෂයේ සැප්තැම්බර් 02 වන දින අම්බකාමන් ක්ෂේත්‍ර පිටියෙදි PACES තරගාවලියේ වෙඩි තැබීමේ සමාප්ති අභ්‍යාසය පැවති අතර, එම උත්සවයට සමගාමිව ශාරීරික ක්‍රියාශීලී සටන් කාර‍්යක්‍ෂම පද්ධතිය PACES තරඟයේ සාර්ථකව අවසන් කරන ලදී. ඒ අනුව ආරක්ෂක සේනා (වන්නි) ආඥාපති මේජර් ජෙනරල් ජේ පී සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී මගපෙන්වීම මත මෙම වැඩසටහන සාර්ථකව ඉටු කර ගැනීම සදහා 56 වන සේනාංකයේ සේනාංකාධිපති වන මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩිසි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදේශකත්වය හා 561 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණයෙන් 56 පාබල සේනාංකය යටතේ ඇති 561,562, 563 පාබල බලසේනා හා 10 බලඇණිය ශ්‍රි ලංකා පාබල හමුදාව, 7 වන ශ්‍රිලංකා සිංහ රෙඡිමේන්තුව, 16 වන ශ්‍රිලංකා සිංහ රෙඡිමේන්තුව, 11 ගැමුණු හේවා බළණිය හා 12 (සෙව්) විජයබාහු පාබල රෙජිමේන්තුව ඇතුලු කණ්ඩායම් 09ක් සහභාගි වන ලදි.

2024 වර්ෂයේ අගෝස්තු මස 27 දින සිට 29 වන දින දක්වා 56 වන පාබල සේනාංකයේ පැවැත්වුණු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අනතුරුව, 2024 සැප්තැම්බර් 1 හා 2 වන දින අම්බකාමම් ක්ෂේත්‍ර වෙඩි පිටියේදි එම අභ්‍යාසය සහ සටන් කාර්යක්ෂමතා පරීක්ෂණය ඉතා සාර්ථකව පැවැත්විය. මෙම තරඟය අධියර දෙකක් ඔස්සේ සිදුකරනු ලැබු බවත්, එහිදි දක්ෂතම නිලධාරියා සහ සෙබළා තෝරාගත් අතර, සමස්ත තරගාවලියේ දක්ෂතම කණ්ඩාම හා අනුශුරතාවය කණ්ඩායම තෝරා ගන්නා ලදි. ඒ අනුව දක්‍ෂතම නිළධාරියා ලෙස නි/11547 දෙවන ලුතිතන් ඩිඑස් එගොඩගෙදර 12 (සෙව්) විජයබාහු පාබල රෙජිමේන්තුව හා දක්ෂතම සෙබලා ලෙස 11 ගැමුණු හේවා බළඇණියේ සෙ/434600 ලා/කෝප්‍රල් රඹුක්වැල්ල ඩිජිකේටිඑස් සුදුසුකම් ලැබිය. මෙහිදි දක්ෂතම කණ්ඩායම ලෙස 12 (සෙව්) විජයබාහු පාබල රෙජිමේන්තු කණ්ඩාම සුදුසුකම් ලැබු අතර, අනුශුරතාවය 11 වන ගැමුණු හේවා බලඇණිය විසින් ලබා ගන්නා ලදි.

සමාප්ති උත්සවය වෙනුවෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 56 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩිසි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි සහභාගි විය. තවද 56 පාබල සේනාංකයේ නියෝඡ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිවිඑස්වි ප්‍රනාන්දු යුඑස්පි එන්ඩිසි අයිඡි, 561 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බීඩි ප්‍රනාන්දු යුඑස්පි එච්ඩිඑම්සි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා නිලධාරීන්/සෙසුනිලයින් විශාල ප්‍රමාණයක් සහභාගි විය. මෙහිදි ප්‍රධාන ආරාධිත අමුත්තා වෙතින් ඡයග්‍රාහි නිලධාරි/සෙසුනිලයින් හා කණ්ඩායම් වෙත ත්‍යාග, කුසලාන, පදක්කම් සහ සහතිකපත් ලබා දෙන ලදි.

තවද මෙම PACES තරගාවලිය පැවැත්වීම තුලින් පුද්ගල සහ කණ්ඩායම් විශිෂ්ඨත්වය පමණක් නොව 56 වන පාබල සේනාංකයේ නි/සෙනින්ගේ කායික හා මානසික මෙන්ම සටන්කාමිතවයේ ප්‍රගමනයන් වර්ධණයවු බව දක්නටලැබිණි.