Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

16th February 2024 21:14:19 Hours

56 සේනාංකාධිපති තනතුරින් නික්මයාම

56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච් ජී පී එම් කාරියවසම් ආර්එස්පී එන්ඩීසී පීඑස්සී අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි එම තනතුරෙන් නික්ම යෑම නිමිත්තෙන් යුද්ධ හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව කදවුරු මුරයක් මගින් පිළිගෙන සම්මාන මුරයක් මගින් තම උසස් ගෞරවාචාර දැක්වීම 2024 පෙබරවාරි මස 12 වන දින එම කදවුරු භූමිය තුළදී සිදු කරන ලදී.

මේජර් ජෙනරල් කාරියවසම් ජ්‍යෙෂ්ඨ නිලධාරි රාජකාරිවලින් ඉවත් වීම සනිටුහන් කරමින් එමලේඛනයකට සිය අත්සන තැබීමෙන් අනතුරුව සියලුම නිලධාරීන් සහ කාර්ය මණ්ඩල සමඟ ඡායාරූප කිහිපයකට පෙනී සිටින ලදී.

සියලු නිල භඨපිරිස් ඇමතීමේදී තම ධූර කාලය තුලසියලු නිලයන් ඉටුකරන ලද අප්‍රතිහත සේවය අගය කරමින් ඒ සදහා තම ස්තුතිය පලකල අතර එතුමන් වෙනුවෙන් අවසන් ගෞරව සමාචාර දැක්වීම කදවුරු ප්‍රධාන දොරටුව දක්වා සිදු කරන ලදී.

නියෝජ්‍ය සේනාංකාධිපති, සියලු බලසේනාපතිවරුන්, සේනාංක කාර්ය මණ්ඩලය, ඒකක අණදෙන නිලධාරීන් ඇතුලු සියලු නිලයන් මේ සදහා සහභාගී වෙන ලදී .