Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

10th April 2024 20:54:53 Hours

56 සේනාංකය යල කන්නයේ වී වගා කටයුතු අරඹයි

56 සේනාංකය විසින් යල කන්නය සදහා වී වගාකිරිමේ උත්සවය ආගමික සහ චාරිත්‍ර වාරිත්‍රයන්ට අනුකුලව සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පි එන්ඩිසි පීඑස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ සහභාගීත්වයෙන් 2024 අප්‍රේල් මස 09 වන දින සුභ නැකතින් ආරම්භ කරන ලදී. කෙටි කාලීන වී විශේෂයන් මගින් කුඹුරු අක්කර 6 ක් පුරා වගා කිරිමට කටයුතු කරන ලදී.

නියෝජ්‍ය සේනාංකාධිපති, කර්නල් සම්බන්ධීකරණ (ස්වේ), ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිළධාරින් හා සෙසුනිලයින් මේ අවස්ථාව සදහා සහභාගි විය.