Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

11th March 2024 14:30:45 Hours

56 වන පාබල සේනාංකාධිපති තුමාගේ 561 වන පාබල සේනාංකයේ නිල සංචාරය සිදු කිරිම

56 වන පාබල සේනාංකාධිපති තුමා වන මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් විසින් 561 පාබල බලසේනාව හා ඒ යටතේ ඇති ඒකකයන් වන 10 ශ්‍රිලපාහ සහ16 ශ්‍රිලංසිරෙ යන ඒකකයන් හි 2024 මාර්තු මස 05 වන දින නිල සංචාරය කරන ලදී.

ඒ අනුව 561 බලසේනාව වෙත සපැමිණිමෙන් පසු බලසේනාධිපති විසින් සේනාංකාධිපතිතුමන්ව උණුසුම්ව පිලිගත් අතර, එහිදි බල ප්‍රදේශය හා රාජකාරි පිලිබදව විස්තාරක්මකව පැහැදිලි කිරිමෙන් අනතුරුව නිලධාරි නිවස්නය තුලදී සමරු සටහන් පොත අත්සන් කිරිමෙන් පසු 10 ශ්‍රිලපාහ ඒකකය වෙත පිටත්ව යන ලදී.

ඉන්පසු 10 ශ්‍රිලපාහ ඒකකය විසින් සේනාංකාධිපතිහට කදවුරු සම්මාන මුරයක් පිරිනැමිමෙන් පසු අණදෙන නිළධාරි ඇතුලු නිලධාරින් හා සෙසුනිලයින් වෙතින් උණුසුම්ව පිලිගැනිමෙන් පසු සේනාංකාධිපති විසින් ඒකකයේ භඨපිරිස් ආමන්ත්‍රණය කර පැමිණිමේ සමරු සටහනක් ලෙස සුදු හදුන් පැලයක් කදවුරු භුමියේ රෝපණය කර ඒකකයෙන් නික්ම යන ලදී.