02nd November 2024 10:10:22 Hours
2024 ඔක්තෝබර් මස 30 වන දින 56 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිබ්රිගේඩියර් නිශාන්ත මුතුමාල යුඑස්පි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 563 පාබල බලසේනාවහාඑහි යටතේ ඇති 7වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 11වන ගැමුණු හේවා බළඇණියවෙත සංචාරයක් සිදු කරන ලදී. මෙම සංචාරය තුලදී 56 පාබල සේනාංකයයටතේ ඇති ඒකක තුළ චිත්ත ධෛර්යය, මෙහෙයුම් සූදානම තක්සේරු කිරීම සහ ඒකාබද්ධතාවය වර්ධනය කිරීම අරමුණු කර ගෙන ඇත.
563 පාබල බලසේනා මූලස්ථානය වෙත පැමිණි බ්‍රිගේඩියර් නිශාන්ත මුතුමාල යුඑස්පි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 563 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සංජීව ජයතිලක ආර්එස්පී යූඑස්පී විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. මෙම අවස්ථාව සඳහා අණදෙන නිලධාරීන්,ජ්‍යෙෂ්ඨ නිලධාරීන්,කණිෂ්ඨ නිලධාරීන්,ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සහ සියලුම නිලයන් සේනාංකාධිපති තුමාගේ සංචාරයට ගෞරවයක් වශයෙන් එක්රැස් වි සිටියහ.
සංචාරය පුරාවටමබ්රිගේඩියර් නිශාන්ත මුතුමාල යුඑස්පි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි භඨපිරිස් සමඟ සමීපව කටයුතු කරමින්ඔවුන්ගේ ගැටළුවලට විසඳුම් ලබා දෙමින් සහ ඔවුන්ගේ කැපවූ සේවය සඳහා සියලු නිලයන් වෙත අභිප්‍රේරණයක් ලබා දුන්නේය. අඛණ්ඩ සුපරීක්ෂාකාරිත්වය,විනය සහ රාජකාරි සඳහා කැපවීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය. සේනාංකාධිපතිවිසින් ඉදිරි මෙහෙයුම් අරමුණු පිළිබඳව මග පෙන්වීමක් ලබා දුන් අතර හමුදා වෘත්තීයභාවයේ උසස් ප්රමිතීන් පවත්වා ගැනීමට ඒකක දිරිමත් කරන ලදී.සේනාංකාධිපති විසින් 7 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවහි ඒකණ්ඩායම (කොම්පවිට්ටකුලම්), 3 වන විශේෂ බළකාපුහුණු පාසල (බෝගස්වැව), මෙන්ම ඒකණ්ඩායම (නන්දිමිත්‍රගම) සහ සීකණ්ඩායම (වෙඩිවෙට්ටකල්ලු) 11 වන ගැමුණු හේවා බළඇණියහි ක්ෂේත්‍ර චාරිකාවක නිරත විය.
මෙම සංචාරය සනිටුවහන් කරමින් සේනාංකාධිපති විසින් අමුත්තන්ගේ පොත්වලට අත්සන් තබමින්සංචාරයේ නිල නිගමනය සංකේතවත් කරන ලද අතර,තවද බලසේනාවේ ආගන්තුක සත්කාරය විශේෂයෙන් අගය කළේය. මෙම සංචාරය පුරාවටම 56 පාබල සේනාංකය නියෝජනය කරමින් වැඩබලන කර්නල් (ප්‍රමා), කර්නල් (පාලන/භකස) සහ ප්‍රමානි II (ක්‍රියා/පුහුණු) යන නිලධාරීන් සහභාගි වූහ.
563පාබල බලසේනාවේ සහ එහි යටතේ පාලනය වන ඒකකවල සුභසාධනය සහ සූදානම සඳහා නායකත්වයේ සහයෝගය සහ කැපවීම මෙම සංචාරය මගින් අවධාරනය කරන ලද අතර, සියළුම නිළයන්හි චිත්ත ධෛර්යය ශක්තිමත් කිරීම සහ මෙහෙයුම් සාර්ථකත්වය සඳහා ශක්තිමත් රාමුවක් ස්ථාපිත කරන ලදී.