22nd August 2024 17:24:36 Hours
56 පාබල සේනාංකය යටතේ රාජකාරි කරනු ලබන ඒකක වෙතින් 2 x 30 භට පිරිස් ප්රමාණයක් යුද්ධ හමුදා පුහුණු පාසල මාදුරුඔය වෙතින් 2024 මැයි 09 දින සිට 2024 ජූලි 31 වන දින දක්වා පවත්වන ලද ප්රතිත්රස්ත්ර යුධ උපක්රම පාඨමාලා අංක 37 සඳහා සහභාගී වන ලදී.
එම සම්පූර්ණ පාඨමාලාව සඳහා සෙබළුන් 67 දෙනෙකු සහභාගී වූ අතර ඉන් 2 x 29 භට පිරිස් ප්රමාණයක් (10 ශ්රීලපාහ, 7 සහ 16 ශ්රීලංසිරෙ, 11 ගැහේබ, 17 (ස්වේ) ශ්රීලපාහ) යන ඒකකයන් වෙතින් සාර්ථක ලෙස පාඨමාලාව නිම කරනු ලැබූ අතර 56 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන් විසින් 2024 අගෝස්තු 18 වන දින මෙම සේනාංක මූලස්ථානයේදී පාඨමාලාව සදහා අයවළුන් කැඳවා ඔවුන්ගේ පාඨමාලා පිළිබඳ විස්තර සාකච්ඡා කොට පාඨමාලාව නිම කිරීම සම්බන්ධයෙන් ඔවුන්ව අගය කිරීමට ලක් කරමින් එහි ඇති වැදගත්කම පිළිබඳව දැනුවත් කරන ලදී.