Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

23rd November 2025 10:25:34 Hours

56 පාබල සේනාංකයේ සේනාංකාධිපති 563 පාබල බලසේනාවේ සහ ඒ යටතේ පාලනය වන ඒකකයන්හි සංචාරය කිරීම

56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් ඒ යූ ඒ සෝලංගආරච්චි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 නොවැම්බර් 18 සහ 19 යන දිනවල 563 වන පාබල බලසේනාව සහ යටතේ පාලනය වන 7 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 8 වන බලඇණිය ගැමුණු හේවා බළකාය වෙත සිය මංගල සංචාරය සිදු කළේය. මෙම සංචාරයේදී චිත්ත ධෛර්යය ශක්තිමත් කිරීම. මෙහෙයුම් සූදානම තක්සේරු කිරීම සහ ඒකක අතර සෘජු සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු විය.

මෙම සංචාරය අතරතුර සේනාංකාධිපතිතුමන් අදාළ බලඇණි යටතේ ඇති කඳවුරු පරීක්ෂා කළ අතර අඛණ්ඩ මෙහෙයුම් කාර්යයන් නිරීක්ෂණය කළේය. ඔහු සියළු භඨපිරිස් සමඟ සෘජු හා සුහද සාකච්ඡාවල නිරත වූ අතර, ඔවුන්ගේ බිම් මට්ටමේ අභියෝග සහ වගකීම් පිළිබඳ පළමුව අවබෝධය ලබා ගත් අතර, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් ඇතුළු සියළු නිලයින් සේනාංකාධිපතිගේ පැමිණීම සඳහා බලසේනාව වෙත එක් රැස්ව සිටින ලදී.

563 පාබල බලසේනා මූලස්ථානයට පැමිණි මේජර් ජෙනරාල් අනුරුද්ධ සෝලංගආරච්චි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 563 පාබල බලසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් පී ඒ නන්දතිලක ආර්එස්පී යූඑස්පී විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය. භඨපිරිස් අමතමින් ඔහු අවධාරණය කළේ නොසැලෙන සුපරීක්ෂාකාරිත්වය, ආදර්ශමත් විනය සහ රාජකාරියට පූර්ණ කැපවීම පවත්වා ගැනීමයි. මත්ද්‍රව්‍ය භාවිතය, සූදුව සහ අධික අන්තර්ජාල ක්‍රීඩා වැනි හානිකර හැසිරීම් වලට එරෙහිව අනතුරු අඟවමින් පුද්ගලික වගකීම, වගවීම සහ නිසි මූල්‍ය කළමනාකරණයේ වැදගත්කම ඔහු අවධාරණය කළ අතර, එමඟින් විනයට සහ මෙහෙයුම් කාර්යක්ෂමතාවයට හානි විය හැකි බව ඔහු සඳහන් කළේය.

ඉදිරි මෙහෙයුම් ප්‍රමුඛතා පිළිබඳව උපායමාර්ගික මග පෙන්වීමක් ද සේනාංකාධිපතිතුමා විසින් ලබා දුන් අතර වෘත්තීයභාවයේ ඉහළම ප්‍රමිතීන් ආරක්ෂා කිරීමට සියලුම නිලයන් දිරිමත් කරන ලදී. තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි මංගල සංචාරය මගින් භඨපිරිස්හි සුභසාධනය, විනය සහ මෙහෙවර සූදානම, චිත්ත ධෛර්යය තවදුරටත් ශක්තිමත් කිරීම සහ අඛණ්ඩ මෙහෙයුම් සාර්ථකත්වය සඳහා ශක්තිමත් පදනමක් සහතික කිරීම සඳහා යුද්ධ හමුදාවේ කැපවීම නැවත තහවුරු කරන ලදී.