23rd November 2025 10:19:51 Hours
56 වන පාබල සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් එස් ඒ යූ ඒ සෝලංගආරච්චි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 නොවැම්බර් 21 වන දින 561 පාබල බලසේනාව සහ යටතේ පාලනය වන බලඇණි වෙත නිල සංචාරයක නිරත වූ අතර, 16 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 10 වන බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව සහ ආලන්කුලම් බලඇණි පුහුණු පාසල පරීක්ෂා කිරීම ඇතුළත් විය. මෙම සංචාරයේ ප්‍රධාන වශයෙන් අවධානය යොමු වූයේ මෙහෙයුම් සූදානම, භඨපිරිස් චිත්ත ධෛර්යය ශක්තිමත් කිරීම සහ බළසේනාව යටතේ ඇති ඒකක අතර අන්තර් සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීමයි.
561 වන පාබල බලසේනාවේ බළසේනා මේජර් මේජර් එම් ඒ ඩී එන් කුමාර පීඑස්සී සහ අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සහ අනෙකුත් නිලයන් විසින් සේනාංකාධිපතිතුමන් උණුසුම් ලෙස පිළිගනු ලැබීය. මෙම සංචාරයේදී, මේජර් ජෙනරාල් අනුරුද්ධ සෝලංගආරච්චි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි භඨපිරිස් සමඟ සමීපව කටයුතු කරමින්, ඔවුන්ගේ ගැටළු වලට හොඳින් සවන් දෙමින්, අවශ්‍ය මඟ පෙන්වීම සහ දිරිගැන්වීම ලබා දුන්නේය. විනය, මෙහෙයුම් සුපරීක්ෂාකාරිත්වය සහ රාජකාරියට නොසැලෙන කැපවීම පවත්වා ගැනීමේ වැදගත්කම ඔහු නැවත නැවත අවධාරණය කළේය. ඉදිරි මෙහෙයුම් සහ පරිපාලන ප්‍රමුඛතා පිළිබඳව ද සේනාංකාධිපතිතුමන් උපායමාර්ගිකව භඨපිරිස් වෙත උපදෙස් ලබා දුන්නේය.
තම ක්ෂේත්‍ර පරීක්ෂණයේ කොටසක් ලෙස, සේනාංකාධිපතිතුමන් 16 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ පුතූර් හි ස්ථානගත ඒ කණ්ඩායම සහ නැදුන්කේනි හි ස්ථානගත සී කණ්ඩායම් හිද සංචාරය කරන ලද අතර, එහිදී සේනාංකාධිපති බිම් මට්ටමේ සූදානම සහ භඨපිරිස්හි සුභසාධන තත්ත්වය ඇගයීමට ලක් කළේය. පසුව ඔහු පාබල බළඇණි පුහුණු පාසල - ආලංකුලම වෙත ගොස් බළඇණි පුහුණුවීම් නිරීක්ෂණය කිරීමට සහ බලඇණි මට්ටමේ නිපුණතා වැඩි දියුණු කිරීම සඳහා පුහුණු පාසලේ දායකත්වය ඇගයීමට ලක් කළේය. පාරිසරික කළමනාකරණය සඳහා වන අංශයේ කැපවීමට අනුකූලව, තිරසාරභාවය ප්‍රවර්ධනය කිරීමේ සංකේතාත්මක අභිනය ලෙස මේජර් ජෙනරාල් සෝලංගආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සෑම මූලස්ථානයකම පැළයක් රෝපණය කළේය.
වැඩසටහන විධිමත් ලෙස අවසන් කිරීම සඳහා, සේනාංකාධිපතිතුමා අමුත්තන්ගේ පොතේ අත්සන් තැබීය. මෙම සංචාරයට කර්නල් (ප්‍රමා), කර්නල් පාලන/භකාස - 56 පාසේමු ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් එක්වූ අතර, අනාගත මෙහෙයුම් කාර්යයන් ශක්තිමත් පදනමක් සඳහා, 561 වන පාබල බලසේනාව තුළ මෙහෙයුම් විශිෂ්ටත්වය, භඨපිරිස් සුභසාධනය සහ මෙහෙයුම් සූදානම සඳහා අංශයෙහි අඛණ්ඩ කැපවීම මෙම සංචාරය මගින් අවධාරණය කරන ලදී.