Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

02nd August 2024 17:59:56 Hours

56 පාබල සේනාංකය විසින් වවුනියාව දිස්ත්‍රික්කයේ ආරක්ෂක සම්බන්ධීකරණ සම්මන්ත්‍රණයක් පවත්වන ලදී

වවුනියාව ප්‍රදේශයේ ආරක්ෂාව ශක්තිමත් කිරීම සහ සාමය ආරක්ෂා කිරීමේ අරමුණින් විශේෂ කාර්ය බළකාය, වන දෙපාර්තමේන්තුව, පුරවිද්‍යා දෙපාර්තමේන්තුව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධව 56 වැනි පාබල සේනාංකය විසින් ආරක්ෂක සාකච්ජාවක් පවත්වන ලදී. පුරාවිද්‍යා ස්ථානවල ආරක්ෂාව, වන සංරක්ෂණය, වනජීවී සහ එහිදී මුහුණ දෙන කරුණු පිළිබඳව සාකච්ජා කෙරිණි.

56 වන පාබල සේනාංකයේ අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී, 561 සහ 562 පාබල බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, දිස්ත්‍රික් වන නිලධාරී ඒ.පී. ජයසිංහ, වනජීවී නියාමක ඊ.ඩී. හේමජිත් මනුප්‍රිය, පුරාවිද්‍යා ප්‍රාදේශීය නිලධාරි එස්.එම් වික්‍රම, වව්නියාව විශේෂ කාර්ය බලකා කඳවුරු අණදෙන නිලධාරී ඒ වී ඩි උදයකුමාර සහ පුලියන්කුලම කඳවුරේ අණදෙන නිළධාරී පොලිස් පරීක්ෂක රිස්වි සියෝල්හැග් සහ සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම සමුළුව සඳහා සහභාගී වූහ.