Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

03rd March 2024 20:29:10 Hours

56 පාබල සේනාංකය විසින් මහ කන්නයේ වී අස්වනු නෙලීම

56 පාබල සේනාංකයේ මහ කන්නය වෙනුවෙන් අස්වනු නෙලීමේ උත්සවය සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී විසින් සිංහල හා හින්දු ආගමික වතාවන් මධ්‍යයේ සිදුකරන ලදි. මෙම වී වගාවන් හිටපු සේනාංකාධිපති,මේජර් ජෙනරල් එච්ජීපීඑම් කාරියවසම් ආර්එස්පී එන්ඩීසී පීඑස්සී අයිජී (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මගපෙන්වීම යටතේ කදවුරු භූමියේ අක්කර 6 ක් පුරා කෙටි පීදුම් කාල සහිත වී විශේෂ වගා කරන ලදි.

තවදුරටත් මෙම අස්වනු සහනදායි විකුණුම් මිලක් යටතේ යුධ හමුදා සාමාජිකයින් වෙත මිලදී ගැනීමට හැකිවන සේ සුභසාධක වෙළදසැල වෙත ලබාදෙනු ඇත.

මෙම උත්සව අවස්ථාව සදහා 56 පාබල සේනාංකයේ කර්නල් පාලන භකාස, කර්නල් සම්බන්ධිකරණ ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන්ද සහභාගි විය.