Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

04th April 2024 00:57:20 Hours

56 පාබල සේනාංකය නන්දිමිත්‍රගම ප්‍රදේශයේ දෘෂ්‍යබාධිත අයවලුන් සදහා අක්ෂි සායනයක් සංවිධානය කරයි

56 පාබල සේනාංක, 11 වන ගැමුණු හේවා බලඇණිය විසින් නන්දිමිත්‍රගම ප්‍රදේශයේ දෘෂ්‍යබාධිත අයවලුන් සදහා සහයවීමේ අරමුණින් නන්දිමිත්‍රගම පවත්වන ලද අක්ෂි සායනයන්හි දිගුවක් ලෙස බෝගස්වැව රෝහල් පරිශ්‍රයේදි 2024 අප්‍රේල් මස 01 වන දින පවත්වන ලදී.

මෙහිදී දෘෂ්‍යබාධිත අයවලුන් 424 දෙනෙකු අක්ෂි සායනය සදහා සහභාගි වු අතර, ඇස් කන්නාඩි පිරිනැමීම ද සිදුවිය. දෘෂ්‍යබාධිත අයවලුන් 77 දෙනෙකු ඇසේ සුද ඉවත් කිරිමේ ශල්‍යකර්මයන් සඳහා යොමුකරවීම අක්ෂි විශේෂඥ වෛද්‍යවරයා විසින් සිදුකරන ලදි.

පුනරුත්ථාපනය සඳහා සහය දිමේ සහ නැවත පදිංචි කිරිමේ සංවිධානයෙන් ලේකම්, ආචාර්ය වී සර්වේෂ්වරන් මැතිතුමාගේ දායකත්වයෙන් සහ 56 පාබල සේනාංක සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මගපෙන්විම යටතේ මෙම වැඩසටහන පවත්වන ලදී.

56 පාබල සේනාංක නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්එස්වි ප්‍රනාන්දු යුඑස්පි,කර්නල් සම්බන්ධීකරණ, අණදෙන නිළධාරි 11 ගැමුණු හේවා බලඇණිය, ජ්‍යෙෂ්ඨ නිළධාරින්, නිළධාරින්, පුනරුත්ථාපනය සඳහා සහය දිමේ සහ නැවත පදිංචි කිරිමේ සංවිධානයේ අයවලුන් සහ බෝගස්වැව ප්‍රදේශයේ ගම්වාසීන් මේ සදහා සහභාගි විය.