18th October 2024 11:16:10 Hours
56 වන සේනාංකයේ 17 වන සංවත්සරයට සමගාමීව 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස්. කස්තුරිමුදලි RSP ndc psc ගේ මගපෙන්වීම යටතේ තම බල ප්‍රදේශයේ වෙසෙන සියලුම ප්‍රජාවන්ගේ මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා තවත් සුභසාධන ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.
එස්. කස්තුරිමුදලි RSP ndc psc ගේ මගපෙන්වීම මත භට පිරිස් විසින් 2024 සැප්තැම්බර් 12 වන දින කොකෙළිය ප්‍රදේශයේ පදිංචි සියලුම ප්‍රජාවන් නියෝජනය කරන අඩු ආදායම්ලාභී පවුල් සඳහා වියළි සලාක ඇසුරුම් සහ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ වැඩසටහනක් සම්බන්ධීකරණය කරන ලදී. පවුල් 20 කට ප්‍රතිලාභ හිමි විය. 56 පාබල සේනාංකයේ කාලෝචිත මුලපිරීම මත ඔවුන්ට සම්බා සහල්, ළූණු, පරිප්පු, ලුණු, කුළුබඩු, සීනි, සෝයා මීට්, මුං ඇට, තේ, චොකලට් සහ පපඩම් ඇතුළත් වියළි සලාක ඇසුරුම් බෙදා දෙන ලදී. 56 වන පාබල සේනාංකයේ භට පිරිස් විසින් මූල්‍ය පරිත්‍යාග කරන ලදී.