Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

08th October 2024 07:36:53 Hours

56 පාබල සේනාංක බල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුලක් සඳහා ඉදිකරන ලද නව නිවසක් විවෘත කිරීම

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන යුද්ධ හමුදා දිනයට සමගාමීව යුද්ධ හමුදාධිපති තුමන්ගේ සංකල්පයකට අනුව අඩු අදායම්ලාභි පවුලක් සදහා නිවසක් ඉදිකරදිමේ ව්‍යාපෘතියට සමගාමිව 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මග පෙන්විම යටතේ 563 පාබල බලසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් වයි එම් එස් සි බි ජයතිලක ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ අධික්ෂ‍ණයයෙන් 7 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි එම් කේ ඩී පී පී කේ කන්කාණිගේ ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී ශ්‍රිලංසිරෙ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මෙහෙයවිමෙන් හා එකකයේ භඨපිරිස්හි ශ්‍රම දායකත්වයෙන් වව්නියාව, ඕමන්ත, නාවට්කුලම් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකර එම අභිනවයෙන් ඉදිකරන ලද නිවස නිවාසලාභියා වෙත ප්‍රධානය කිරිමේ වැඩ සටහනක් 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සහභාගිත්වයෙන් 2024.10.05 වන දින උත්සවාකාරයෙන් යුතුව සිදුකරන ලදි. මෙම නිවස ඉදිකිරිම සදහා මුල්‍ය දායකත්වය ප්‍රදේශයේ සිංහල හා දමිල ජනතාව හා ධානපතින් ලබාදි ඇත.