Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

02nd January 2024 19:50:15 Hours

56 පාබල සේනාංක අලුත් අවුරුදු සැමරුම - 2024

56 පාබල සේනාංක මූලස්තානයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච් ජී පී ඒම් කාරියවසම් ආර්එස්පී එන්ඩීසී පීඑස්සී අයිජී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් සියලු නිලයින් සහ සිවිල් සේවක මහතුන් ඇතුලු ඔවුන්ගේ පවුල්වල සියලුම සාමාජිකයින් හට නව වසර වෙනුවෙන් සුභාශිසන පළ කරන ලදි.

එමෙන්ම එදින සියලු නිල තේ පැන් සංග්‍රහයක් සහ සිවිල් සේවක මහතුන්ගේ සේවය ඇගයීම වස් ඔවුන් හට සේනාංකාධිපති විසින් ත්‍යාග ප්‍රධානයක් සිදුකරන ලද අතර සාමුහිකව, කාර්යක්ෂමව කටයුතු කිරීම සහ ජීවන වියදම් කළමණාකරනය පිළිබඳ උපදෙස් ලබා දෙන ලදී.

එම අවස්ථාව සදහා මෙම සේනාංක නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව් එස් වී ප්‍රනාන්දු යූඑස්පී එන්ඩීසී අයිජී, කර්නල් ප්‍රමා, කර්නල් (ස්වේ) සම්බන්ධීකරණ ඇතුලු සියලු ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින්, සියලු නිලයින් සහ සිවිල් සේවක කාර්ය මණ්ඩලයද සහභාගි වන ලදි.