Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

26th April 2023 13:30:24 Hours

56 පාබල සේනාංක මූලස්ථාන ඔන්මාට් සුභසාධක ආපන ශාලාව විවෘත කිරීම

56 පාබල සේනාංක මුලස්ථානයෙහි ප්‍රධාන ආදායම් ව්‍යාපෘතියක් ලෙස A9 මාර්ගයට යාබදව තාන්ඩිකුලම් ප්‍රදේශයේදී ONMART සුභසාධක ආපනශාලාව 2011 දී ස්ථාපිත කරන ලද අතර එමගින් ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහනදායි මිල ගණන් යටතේ යුධ හමුදා සමාජිකයින් හා සිවිල් අයවළුන් මෙන්ම දේශිය හා විදේශිය සංචාරකයන්ට මිළදී ගැනිම් සදහා පහසුකම් සලසා ඇති අතර සෑම මෙය දිනකම උදෑසන 0700 පැයේ සිට 2200 පැය දක්වා විවෘත්තව ඇත. Onmart සුභසාධක ආපනශාලාව, Onmart Cafe සහ Mini Super ලෙස නවීකරණය කර 56 සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච් ජී පී එම් කාරියවසම් ආර්එස්පී එන්ඩීසී පීඑස්සී අයිජී යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ ප්‍රධානත්වයෙන් 2023 අප්‍රේල් මස 19 වන දිනට යෙදුන සුභ මොහොතින් විවෘත කරන ලදී. තවද මෙම මොහොත සදහා 56 පාබල සේනාංක මුලස්ථානයෙහි සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් හා සෙසුනිලයින් සහභාගි වන ලදි.