Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

18th July 2024 20:30:29 Hours

56 පාබල සේනාංක භට පිරිස් පොන්ගල් උත්සවය සාර්ථක කර ගැනීමට දායක වෙයි

වව්නියාව දෙමළ වැසියන් විසින් වඩා හොද අස්වැන්නක් ලබාදීම වෙනුවෙන් සූර්යයාට සහ මහා ඉන්ද්‍ර දෙවියන් සදහා ස්තූති කිරීම වෙනුවෙන් වාර්ෂිකව පවත්වනු ලබන පොන්ගල් උත්සවය ඕමන්ත අරසර්පති ශ්‍රී කන්නකායි අම්මාන් රන් කොවිලේදී 2024 ජූලි මස 13, 14 සහ 15 දිනයන්හිදී පවත්වනු ලැබූ අතර මෙම උත්සව සාර්ථක කර ගැනීම සදහා 56 පාබල සේනාංක භට පිරිස් එක්විය.

2024 ජූලි 15 වන දින රන් දෙවොලේ පැවති විශේෂ පූජාව සඳහා සහභාගී වන ලෙස 56 පාබල සේනාංක සේනාංකාධිපති වෙත ආරාධනා කරන ලදී. 56 සේනාංක භට පිරිස් විසින් මෙම වැඩසටහන් මාලාව සදහා පළමු අධියරේ සිටම තම දායකත්වය ලබා දෙන ලදි.

මෙම වැඩසටහනේ අවසන් උත්සවය සදහා 56 පාබල සේනාංක සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පිඑස්සී, 56 සේනාංක නියෝජ්‍ය සේනාංකාධිපති, 563 බළසේනාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ ප්‍රදේශ වාසීන් රැසක් සහභාගි වන ලදි.