Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

03rd July 2024 22:32:50 Hours

56 පාබල සේනාංක භටපිරිස් වව්නියාව අධ්‍යාපන කොට්ඨාස ක්‍රීඩා තරඟාවලිය පැවැත්වීමට අත් වැල් බැඳගනී

56 පාබල සේනාංක භට පිරිස් විසින් 2024 ජූලි 01 වන දින වවුනියාව දෙමළ මධ්‍ය විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී සිසුන්ගේ ශාරීරික සෞඛ්‍ය වර්ධනය කිරීම, කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ විනය පෝෂණය කිරීම සහ වවුනියාවේ සිසුන්ගේ මානසික සුවතාවය ඉහළ නැංවීම සඳහා වවුනියාව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ සහ කාර්ය මණ්ඩලය සම්බන්ධීකරණය කරමින් වවුනියාව කොට්ඨාස මට්ටමේ ක්‍රීඩා තරගය පවත්වන ලදී. දෙමළ පාසල් 33 ක් සහ මුස්ලිම් පාසල් 9 ක් නියෝජනය කරමින් සිසුන් 450 කට අධික පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙම අවස්ථාව සඳහා විශේෂ ආරාධිත අමුත්තා ලෙස 56 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරි සහභාගී විය.