11th April 2025 15:26:57 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 56 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේඑන්ඩි කරුණාපාල ආර්එස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මඟ පෙන්වීම යටතේ 2025 අප්‍රේල් 02 වන දින වව්නියාව මූලික රෝහලේ රුධිර බැංකුවේ සහාය ඇතිව 56 පාබල සේනාංකයේදි රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
මේ සඳහා 56 වන පාබල සේනාංකයේ මූලස්ථානය,561, 562, 563 පාබල බළසේනා සහ ඒ යටතේ පාලනය වන බළඇණි වෙතින් රුධිර පරිත්‍යාගලාභීන් 159 දෙනෙකු පමණ සහභාගි වන ලදී.
මෙම වැඩසටහන තුළින් වව්නියාව මූලික රෝහලේ රුධිර බැංකුවේ වෛද්‍ය අවශ්‍යතා සඳහා සහාය වීමෙන් ජීවිත බේරා ගැනීමට දායක විය.