04th December 2024 17:11:58 Hours
56 වන පාබල සේනාංකයේ 30 වැනි සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් KN D කරුණාපාල RSP ndu යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 දෙසැම්බර් මස 02 වන දින වැඩ භාර ගත් අතර. මාණ්ඩලික නිලධාරීන්ගේ උණුසුම් පිළිගැනීමෙන් පසු ඉතා උත්කර්ෂවත් ලෙස සංවිධානය කරන ලද කඳවුරු මුරයක් සහ සම්මාන මුර පෙළපාලියක් පිරිනමා නව සේනාංකාධිපති ඉතා උණුසුම් ලෙස පිලිගන්නා ලදී.
මෙම අවස්ථාව නිල වශයෙන් සනිටුහන් කරමින්මේජර් ජෙනරාල් නිශාද් කරුණාපාල RSP ndu යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ආගමික වතාවත්වල නිරත විය. ඉන්පසුව සේනාංකාධිපතිලෙස රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් විධිමත් ලියවිල්ලකට අත්සන් කිරීමෙන් අනතුරුව ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් සහ සේනාංක කාර්ය මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයින් සමඟ සමූහ ඡායාරූපයකට පෙනි සිටින ලදී.
තවද, නව සේනාංකාධිපති විසින් ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින්, ජ්‍යෙකොනොනීන් සහ අනෙකුත් නිලයන් අමතමින් 56 පාබල සේනාංකයේ ඉදිරි අනාගතය සඳහා සේනාංකාධිපති තුමාගේ දැක්ම සහ මෙහෙයුම් සූදානම පිළිබඳව අවධාරණය කලේය. ජ්‍යෙෂ්ඨ නිලධාරීන්/නිලධාරීන් සහ සියලුම නිලයන් සාමූහිකව මෙම අවස්ථාවන් සැමරීමත් සමඟ උත්සව කටයුතු අවසන් කරන ලදී.