03rd November 2023 08:19:53 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 54 පාබල සේනාංකයේ 542 පාබල බලසේනාවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් සහ ‘මනුසත් දෙරණ’ අනුග්‍රාහකත්වය මත මන්නාරම දිස්ත්‍රික්කයේ සිවිල් වැසියන් 623 කට අධික පිරිසක් සඳහා පසුගිය සෙනසුරාදා (ඔක්තෝබර් මස 28) දින වෛද්‍ය සායනයක් පවත්වනු ලැබීය.
මන්නාරම මුරුන්කන් මහා විද්‍යාලයේ පැවති මෙම වෛද්‍ය සායනයේදී මන්නාරම රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් විසින් ඇස් පෙනීමේ දුර්වලතා සහ බෝ නොවන රෝග සඳහා පිළිබඳව වෛද්‍ය උපදේශන ලබා දී පරීක්‍ෂා කිරීම සිදු කරන ලදී.
542 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ටී එල් එම් චන්ද්‍රසේකර ආර්ඩබ්ලිව්පී පීඑස්සී විසින් ලබා දුන් උපදෙස අනුව එම බලසේනාවේ භටපිරිස් විසින් මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන සංවිධානය කරන ලදී. වැඩසටහන අතරතුරදී දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවිගෙවන පවුල් දෙකක් සඳහා විදුලි අවශ්‍යතා සපුරා ගැනීමට සූර්‍ය පැනල දෙකක් ප්‍රධානය කරනු ලැබීය.
‘මනුසත් දෙරණ’ අනුග්‍රාහකත්වයෙන් මුරුන්කන් මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන ළමන්ගේ ප්‍රයෝජනය සඳහා ජල පිරිපහදු ඒකකයක්ද පරිත්‍යාග කරනු ලැබූ අතර, විවිධ දෘෂ්ඨි ආබාධවලින් පෙළෙන සිවිල් වැසියන් 400ක් සඳහා ඇස් කණ්ණාඩි 400ක්ද බෙදා දෙන ලදී.
නානාටන් ප්‍රාදේශීය ලේකම් මානික්ක වාශ්ගර් ශ්‍රී ස්කන්ධ කුමාර්, සහකාර ප්‍රාදේශීය අධ්‍යාපන අධ්‍යක්‍ෂ පී.චනරාජ්, මුරුන්කන් මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ටී.රිතුයරාජ් කෲස් මහත්වරුන් සහ මුරුන්කන් ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරී මෙම අවස්ථාවට සහභාගී වූහ.