Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

14th September 2022 19:53:42 Hours

541 පාබල බලසේනාවේ 12 වැනි සංවත්සරයට සමගාමීව පවත්වනු ලැබු වැඩසටහන්

මෙම පාබල බලසේනාවේ 12 වන සංවත්සර උත්සවය බ්‍රිගේඩියර් එම්ඒඩීඑස් මුණසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි පීඑස්සි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි සම්ප්‍රදායිකව 2022 සැප්තැම්බර් 10 වන දින පවත්වන ලදී. උත්සවයේ පළමු කොටස ලෙස බලසේනාධිපතිතුමන් විසින් මූලස්ථාන පරිශ්‍රයට පැමිණීමේදී සම්මාන මුරයක් ලබාදෙන ලද අතර, 12 (සෙව්) ශ්‍රීලකාහ ඒකකයෙහි අණදෙන නිලධාරී විසින් ඔහුව පිළිගන්නා ලදී.

අනතුරුව, මූලස්ථාන කාර්යාල සංකීර්ණ පරිශ්‍රයේ කොහොඹ පැළයක් රෝපණය කරන ලද අතර, 541 පාබල බලසේනාවේ සෙසුනිල භෝජනාගාරයේදි භඨපිරිස් ඇමතීම සහ තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදි.

මෙයට සමගාමීව 2022.09.08 වන දින බෝධි පූජාවක් ද 2022.09.09 වන දින මන්නාරම තිරුකේදීශ්වරම් කෝවිලේදි පූජාවක් ද පවත්වන ලදී. එමෙන්ම සෙසුනිලයින්ගේ විනෝදාස්වාදය සඳහා අධිරිද්ම සංගීත ප්‍රසංගයක්ද පැවැත්වුණු අතර, සංවත්සරයට සමගාමීව සින්න සන්නාර්, පෙරියමඩු, මන්නාරම ලිපිනයේ පදිංචි මෙම පාබල බසේමු බළප්‍රදේශයේ සිටින යුද්ධය නිසාබ දෙපා අහිමි පුනරුත්ථාපනයවූ එල්ටීටීඊ සාමාජිකයෙකුව සිටි රාමසාමි ජෙය රංජන් නැමැත්තා වෙනුවෙන් නවීකරණය කරන ලද වැසිකිළියක්ද ඉදිකිරීම් කටයුතු අවසන් කර භාරදෙන ලද අතර, ඔහුගේ දරුවන් දෙදෙනාට පොත්පත්, බෑග් ඇතුළු පාසල් උපකරණ සහ ආබාධිත පුද්ගලයාට කිහිලිකරු දෙකක් ද පරිත්‍යාග කෙරිණි.