Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

02nd January 2024 19:35:48 Hours

541 පාබල බලසේනා මූලස්ථානයේ නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ මානසික තත්වය ඉහල නැංවීම සඳහා චාරිකාවක් සිදුකිරීම

541 පාබල බලසේනා මූලස්ථානයේ නිලධාරීන් සහ සෙසුනිලයින් හට සිය ඒකාකාරී රාජකාරී ස්වභාවයෙන් මිදී මානසික තත්වය ඉහල නැංවීම සඳහා මන්නාරම ප්‍රදේශයේ සහ අවට ඇති ප්‍රදේශයන්හි වැදගත් ස්ථානයන් නැරඹීමේ චාරිකාවක් 2023.12.30 වන දින සිදුකරනු ලද අතර, මෙම වැඩසටහන 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් KMPSB කුලතුංග RSP ndc psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සහ 541 පාබල බසේමු බලසේනාධිපති කර්නල් BYC ප්‍රනාන්දු RWP USP යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සංකල්පයක් අනූව ක්‍රියාත්මක වන ලදී.

මෙම චාරිකාවේදී ‍ඓතිහාසික තන්තිරිමලය විහාරය, මඩු මාත දේවස්ථානය, පරයානකුලම් පැරණි වැල් පාලම, තලෙයි මන්නාරම ජැටිය, පේසාලෙයි වෙරළ තීරය ඇතුළු ස්ථාන රාශියක් නැරඹීමට අවස්ථාව හිමිවූ අතර, චාරිකාව සඳහා 03 x 42 ක පිරිසක් සහභාගී වන ලදී.