Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

15th October 2025 10:12:47 Hours

541 පාබල බලසේනා මූලස්ථාන බළප්‍රදේශයට අයත් මාතොට රජමහා විහාරයේ වාර්ෂික කඨින පිංකම නිමිත්තේන් වැඩසටහනක් පවත්වන ලදි.

මෙම පාබල බසේමු බලප්‍රදේශයේ පිහිටි මන්නාරම මාන්තෛයි මාතොට රජමහ විහාරස්ථානයෙහි වාර්ෂික කඨින මහා පිංකම 2025.10.12 වන දින හා 2025.10.13 වන දිනයන්හි එම විහාරස්ථානයේ දී පවත්වන ලදි.

එම කඨින මහා පිංකමේ සියළු සංවිධාන කටයුතු 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ.එම්.සී. අබේකෝන් ආර්ඩබ්ලිවිපි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ හා 541 වන පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් අයිපී ජයසිංහ ආර්ඩබ්ලිවිපි ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ උපදෙස් පරිදි 10(ස්වේ) ගැමුණු හේවා බළකායේ අණදෙන නිලධාරී මේජර් ආර්එම්එච් කරුණාරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ පුර්ණ අධීක්ෂණය යටතේ 10(ස්වේ) ගැමුණු හේවා බළකායේ නි/සෙසුනිලයන් විසින් සිදුකරන ලදි.

එම කඨින මහා පිංකම සදහා 54 පාබල සේමු සේනාංකාධිපති, 541 පාබල හා බසේමු 542 පාබල බසේමු සහ 543 පාබල බලසේනාධිපති වරුන් ඇතුලු ප්‍රදේශයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් ඇතුලු යුහ නිලධාරි/සෙසුනිලයින් සහ ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරින් සහ පොලිස් නිලධාරින් සහභාගි වන ලදි.