02nd November 2024 10:05:35 Hours
මෙම පාබල බසේමු බලප්‍රදේශයේ පිහිටි මන්නාරම මාන්තෛයි මාතොට රජමහ විහාරයේ විහාරස්ථානයේ වාර්ෂික කඨින මහා පිංකම 2024.10.19 වන දින හා 2024.10.20 වන දිනයන්හි එම විහාරස්ථානයේ දී පවත්වන ලදි. එම කඨින මහා පිංකමේ සියළු සංවිධාන කටයුතු 54 පාබල සේමු සේනාංකාධිපති තුමන්ගේ හා 541 පාබල බලසේනාධිපති තුමන්ගේ උපදෙස් පරිදි 10 (සෙව්) ගැහේබ ඒකක අණදෙන නිලධාරි ඇතුලු එම ඒකක භඨ පිරිස් විසින් සිදුකරන ලදි.කඨින මහා පිංකම සඳහා 54 පාබල සේනාංකාධිපති තුමා, 541 පාබල බසේමු සහ 543 පාබල බලසේනාධිපති වරුන් අතුලු ප්‍රදේශයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් ඇතුලු යුහ නිලධාරි/සෙසුනිලයින් සහ ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් සහභාගි වන ලදි. තවද මෙම පිංකම සදහාකඩවත, ගම්පහ, ජා-ඇල, පාදුක්ක, අනුරාධපුරය යන ප්‍රදේශයන් සිට පැමිණි 600 කට අධික සැදැහැවතුන් පිරිසක්ද සහභාගිවූ අතර, මෙම දුෂ්කර ප්‍රදේශයේ පවුල් නොමැති බැවින්, 54 පාබල සේනාංකයේ සහ 541 පාබල බසේමු පූර්ණ සංවිධානත්වයෙන් වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. මේ සඳහා මූල්‍ය අනුග්‍රාහකත්වය කඩවත ප්‍රදේශයේ පදිංචි ධම්මික ප්‍රනාන්දු හා දේවිකා ප්‍රනාන්දු යන මහත්ම මහත්මියන් විසින් දරණ ලදී.