Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

16th February 2024 13:13:43 Hours

54 සේනාංක මුලස්ථානයේ රෝගීන් භාරගන්නා ස්ථානය වෙත රෝහල් උපකරණ හා සිවිල් ජනතාව වෙත සූරිය කෝෂ බෙදා දීමේ වැඩසටහනක් පැවැත්වීම

54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේඑම්පීඑස්බී කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මග පෙන්වීමෙන් 54 සේනාංක මුලස්ථානයේ රෝගීන් භාරගන්නා ස්ථානයේ ‍සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීමේ අරමුණින් යුතුව වෛද්‍ය උපකරණ ලබා දීමේ වැඩසටහනක් 54 පාබල සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි කර්නල් ඩීඑම්එම් දිසානායක ආර්ඩබ්ලිව්පි ප්‍රධානත්වයෙන් 2024.02.13 වන දින 54 සේනාංක මූලස්ථානයේදී පවත් වන ලදි.

මෙම වෛද්‍ය උපකරන ලබාදීම කොලඔ රෝහල් සේවා මණ්ඩලයේ අනුග්‍රහයෙන් එහි අධ්‍යක්‍ෂ විපස්සි බෞද්ධ මධ්‍යස්ථානයේ ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අති පූජ්‍ය රාජවැල්ලේ සුභෝධි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි. මෙහිදී මන්නාරම යුධ හමුදා රෝහල වෙත වෛද්‍ය උපකරණ රාශියක් පරිත්‍යාග කල අතර එයට සමගාමීව කොලඔ රෝහල් සේවා මණ්ඩලයේ අනුග්‍රහයෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ වෙසෙන විදුලි බල පහසුකම් නොමැති අඩු ආදායම්ලාභී පවුල් සදහා ද සූරිය කෝෂ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කරන ලදි.