Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

12th May 2022 12:54:42 Hours

54 පාසේමු බලප්‍රෙද්ශයේ ජීවත් වන දෘෂ්යාචබාධිත අයවලුන් හට ඇස් කණ්නාඩි බෙදා දීමේ වැඩසටහනක් පවත් වන ලදි.

54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දර්ශණ විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පි ආර්සිඩීඑස් පීඑස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමාගේ උදාර සංකල්පයකට අනුව 543 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ටීසී හරස්ගම ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්ගේ අධීක්ෂණයෙන් යුතුව 4 වන විජයබා පාබල රෙජිමෙනතුවේ සංවිධානයෙන් එංගලන්තයේ පදිංචි රවී රාජපක්ෂ මහතාගේ මූල්යන ධන පරිත්යාගයෙන් කොළඔ 306/බී සිංහ සමාජයේ සසංක මෙන්ඩිස් මහතාගේ සම්බන්ධීකරණයෙන් මන්නාරම දිස්ත්‍රික් රෝහලෙහි අක්ෂි සායනයේ දෘෂ්යාබාධ සහිත අයවලුන් 253 දෙනෙකු සදහා ඇස් කණ්නාඩි පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2022.05.07 වන දින මන්නාරම් දිස්ත්‍රික් ප්‍රාෙද්ශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කර්යාල පරිශ්‍රය‍ෙ පවත්වන ලදී.

මෙම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 54 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, 543 පාබල බලසේනාවේ බලසේනාධිපති, 54 වන පාබල සේනාංකයේ කර්නල් සම්බන්ධීකරණ ඇතුලු ජ්‍යෙෂ්ඨ නිළධාරීන් හා කණිෂ්ඨ නිළධාරීන් ද 306/B-2 සිංහ සමාජය නියෝජනය කරමින් සසංක මෙන්ඩිස් මහතාද මන්නාරම් රෝහලේ වෛද්‍ය ජේ රවී පච්චෙයි මහතා සහ අක්ෂි වෛද්‍ය එස් නිශාන්ති කේතිස්වරම් මහත්මිය සහ දෘෂ්යාපබාධ සහිත අයවලුන් 50 දෙනෙකුද සහභාගි වන ලදි.