Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

10th May 2022 14:46:09 Hours

54 පාසේමු බලප්‍රදේශයේ යුද හමුදාවෙ දායකත්වයෙන් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් වල පාසල් දරුවන් සදහා පාසල් පාවහන් බෙදාදීමේ වැඩසටහනක් සිදු කරන ලදි

54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දර්ශණ විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පි ආර්සිඩීඑස් පීඑස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් පරිදි අඩු ආදායම්ලාභී පවුල් වල පාසල් දරුදැරියන්ගේ ඉගෙනීමේ මානසිකත්වය වර්ධනය කිරිම පිණිස සහ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ශක්තිමත් කර ඔවුන්ගේ අනාගතය ශක්තිමත් කිරිම සහ සිවිල් ජනතාව සහ යුද හමුදාව අතර සංහිදියාව වර්ධනය කිරීමේ අරමුණින් 543 බසේමු බලප්‍රෙද්ශයේ පිහිටි මන්නාරම සිරිතෝප්පු රෝමාණු කතෝලික දෙමළ මිශ්‍ර පාසැලෙහි සියලුම දරුදැරියන් සදහා පාසැල් පාවහන් 110 ක් බෙදාදීමේ වැඩ සටහනක් 2022 මැයි මස 05 වන දින 543 බසේමු බළප්‍රෙද්ශයේ මන්නාරම සංස්කෘතික ශාලාවේදි පවත්වන ලදි. සේනාංකාධිපතිගේ ඉල්ලීමකට අනුව මෙම වැඩ සටහන සදහා මහනුවර ධර්මරාජ විදුහලේ ආදිශීෂ්‍ය රවී රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණයෙන් එක්සත් රාජධානියේ ස්වෙෂනි සුබසාධක සංවිධානය විසින් මූල්‍ය දායකත්වය ලබා දෙන ලදී. මෙම අවස්ථාව සදහා සේනාංකාධිපති 54 පාබල සේමු, 543 බළසේනාධිපති, කර්නල් සම්බන්ධීකරනණ 54 පාබල සේමු, සිවිල් සම්බන්ධීකරණ නිළධාරී සහ අණ දෙන නිළධාරි 12 ශ්‍රීලකාහ ඇතුලු නිළධාරීන් සහ ප්‍රාදේශිය ලේඛම් මන්නාරම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා මන්නාරම විදුහල්පති ගුරුවරුන් දෙමව්පියන් සහ පාසැල් දරුදැරියන් සහභාගි වන ලදී