Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

11th March 2022 16:05:08 Hours

54 පාබල සේමු බළප්‍රදේශයේ යුද්ධ හමුදාවේ දායකත්වයෙන් ප්‍රජාසත්කාරක වැඩසටහනක් සිදු කිරීම

54 පාසේමු සේනාංකාධිපති මේජර් ජෙනරාල් දර්ශණ විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ උපදෙස් අනුව සහ 541 පාබළ බළසේනාධිපති කර්නල් එම්ඒඩීඑස් මුණසිංහ ආර්ඩබ්ලියුපී ආර්එස්පී පීඑස්සී අයිජීගේ අධික්ෂණය යටතේ 10 (සෙව්) ගැහේබ බළ ප්‍රදේශයේ පිහිටි වංකාලෙයි ශාන්ත අන්තෝනි ප්‍රාථමික විද්‍යාල භූමිය සහ අවට ප්‍රදේශය 2022 මාර්තු මස 05 වන දින සුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් සිදු කරන ලදි. මෙම අවස්ථාව සදහා 10 (සෙව්) ගැහේබ දෙවන අණදෙන නිළධාරි, නිළධාරින්, සෙසුනිළයින් 13 ක ප්‍රමාණයක් සහ පාසැලේ විදුහල්පතිනිය පාසැල් කාර්යමණ්ඩලය ඇතුලු දෙමාපියන් පිරිසක් සහභාගි වන ලදි.