Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

24th February 2025 21:07:38 Hours

54 පාබල සේනාංකයේ හට පිරිස් මන්නාරම වෙරළ පිරිසිදු කිරීමේ දැවැන්ත වැඩසටහන සඳහා සහභාගී වූහ.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව මන්නාරම දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශයේ ස්ථාන 24 ක් ආවරණය වන පරිදි වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් දේශපාලඥයින්, රාජ්‍ය නිලධාරීන්, යුද හමුදාව, නාවික හමුදාව, පොලිසිය සහ සිවිල් වැසියන්ගේ සහභාගීත්වයෙන් 2025 පෙබරවාරි 23 දින පවත්වන ලදී.

එම වැඩසටහනෙහි ප්‍රධාන උත්සවය කිරි බීච් හි පැවති අතර 54 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එඑම්සිපි විජයරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්පීඑස් පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරී සමග මන්නාරම දිස්ත්‍රික් ලේකම්වරයා සහ ආයතන ප්‍රධානීන් එම වැඩසටහන සඳහා එක් විය.

ස්ථාන 24ක් ආවරණය වන පරිදි මෙම අවස්ථාව සඳහා යුධ හමුදා භට පිරිස් 208 ක් සහභාගී වූ අතර එදින 1130 පැයට තවත් සාර්ථක ප්‍රජා ව්‍යාපෘතියක් අවසන් විය.