Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

09th July 2025 12:01:32 Hours

54 පාබල සේනාංකයේ සේනාංකාධිපති, මේජර් ජෙනරාල් ඒඑම්සී අබේකෝන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් 541 පාබල බලසේනා මූලස්ථානය, 10 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලඇණියේ සහ 5 (ස්වෙච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තු ඒකකයේ නිල සංචාරයක් සිදු කරන ල

54 පාබල සේනාංකයේ සේනාංකාධිපති, මේජර් ජෙනරාල් ඒඑම්සී අබේකෝන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් 541 පාබල බලසේනා මූලස්ථානය, 10 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලඇණියේ සහ 5 (ස්වෙච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තු ඒකකයේ නිල සංචාරයක් 2025 ජූලි මස 05 වැනි දින සිදු කරන ලදී.

541 පාබල බලසේනා මූලස්ථානයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අයිපී ජයසිංහ ආර්ඩබ්ලිව්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් සේනාංකාධිපති තුමන් ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබූ අතර, එහිදී 10 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් විසින් කඳවුරු මුරයක්ද පිරිනමන ලදී.

තවද, එතුමන් විසින් 541 පාබල බලසේනාව යටතේ රාජකාරී සිදුකරනු ලබන භටපිරිස් අමතා එතුමන්ගේ දර්ශනය, විශ්වාසදායක අදහස්, උද්යෝගය සහ අනාගත සේවා කටයුතු සදහා උපදෙස් ඉදිරිපත් කළේය. සේනාංකාධිපති තුමන්ගේ කතාවේදී, සියළු හමුදා කටයුතු සඳහා අවශ්‍ය වූ නීතිය, කැපවීම සහ අඛණ්ඩ වගකීමේ වැදගත්කම විශේෂයෙන් අවධාරණය කරන ලදී.

ඉන් අනතුරුව සේනාංකාධිපති තුමන් විසින් 541 පාබල බලසේනාව යටතේ රාජකාරි කරනු ලබන 5 (ස්වෙච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තු ඒකකයේ සහ 10 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලඇණියේ කඳවුරු සංචාරය සිදු කරන ලදී. එහිදී, සෙබළුන්ගේ නේවාසික පහසුකම් සහ පරිපාලන පහසුකම් සම්පූර්ණ වශයෙන් සමාලෝචනය කළේය. එමෙන්ම ඔහු එක් එක් ඒකකයට අයත් භූමි ප්‍රදේශයන් තුළ ඔවුන්ගේ මෙහෙයුම් සූදානම සහ වගකීම් ඇගයීමක් ද සිදු කළේය.