Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

02nd February 2024 18:32:00 Hours

54 පාබල සේනාංකයේ භඨ පිරිස් ‘සමාජ මාධ්‍ය භාවිතය’ පිළිබඳ දේශනයකට සහභාගී විය

54 වන පාබල සේනාංකය සහ යටතේ ඇති බලසේනා, බලඇණිවල භට පිරිස් සහභාගීත්වයෙන් 2024 ජනවාරි මස 31 වන බදාදා දින 54 වන පාබල සේනාංක මූලස්ථානයේ දී ‘සමාජ මාධ්‍ය භාවිතය සහ ඔට්ටු ඇල්ලීමේ යෙදුම් භාවිතා කිරීමේ බලපෑම’ යන මැයෙන් දේශන සැසියකට සවන් දුන්හ.

54 පාබල සේනාංක සංඥා නිළධාරී විසින් මෙම දේශණය සිදු කල අතර නිළධාරී සහ සෙසුනිළයින් 150 ක් මෙම දේශණය සදහා සහභාගී විය. තවද ප්‍රශ්න-පිළිතුරු සැසියක් පැවැත්වීම තුලින් ඔවුන්ගේ අත්දැකීම් එකිනෙකා සමග සාකච්ඡා කරන ලදි.

මෙම දේශනය 54 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේඑම්පීඑස්බී කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ මඟපෙන්වීම යටතේ පවත්වන ලදී.