Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

19th November 2023 08:29:11 Hours

54 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් කේඑම්පීඑස්බී කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යේෂ්ඨ නිළධාරී රාජකාරී භාර ගන්නා ලදි

මේජර් ජෙනරාල් ප්‍රදීප් කුලතුංග ජ්‍යේෂ්ඨ නිළධාරී 2023 නොවැම්බර් මස 16 වන බ්‍රහස්පතින්දා දින මන්නාරම 54 වන පාබල සේනාංක මූලස්ථානයේ පැවති උත්සවයකදී නව සේනාංකාධිපති ලෙස වැඩ භාර ගන්නා ලදී.

යුද්ධ හමුදා සම්ප්‍රධායන්ට අනුකූලව, මේජර් ජෙනරාල් ප්‍රදීප් කුලතුංග ජ්‍යේෂ්ඨ නිළධාරී කදවුරු පරිශ්‍රයට පැමිණීමේදී කදවුරු මුරයක් පිරිනමන ලද අතර දිනයේ පළමු අංගය ලෙස සේනාංක මූලස්ථානයේ පිහිටි ස්මාරකය වෙත පැමිණ මියගිය රණවිරුවන් සිහිකිරීම සඳහා උපහාර දැක්වීය. අනතුරුව කාලතුවක්කු හමුදා භට පිරිස් විසින් සම්මාන මුරයක් පිරිනමන ලදී.

පසුව, මේජර් ජෙනරාල් ප්‍රදීප් කුලතුංග ජ්‍යේෂ්ඨ නිළධාරී ආගමික (බෞද්ධ, කතෝලික, ඉස්ලාම්, හින්දු) පූජකවරුන්ගේ ආශිර්වාද මධ්‍යයේ සේනාංකාධිපති ධූරයේ වැඩ භාර ගන්නා ලදි.‍

වැඩසටහන් මාලාවට අනුව නව සේනාංකාධිපතිතුමන් සේනාංක මූලස්ථානය යටතේ සේවය කරන ජ්‍යේෂ්ඨ නිළධාරීන්‚ නිලධාරීන් සහ සෙසු නිළයින් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටීමට පෙර 54 වන පාබල සේනාංක කාර්යාල සංකීර්ණයේ අඹ පැළයක් රෝපනය කරන ලදි.

සේනාංකාධිපති සිය රාජකාරි ස්වභාවය සහ ඔහුගේ ඉදිරි වැඩ පිළිවෙල පිළිබද සේනාංකයේ සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් නිල වශයෙන් අමතා කැපවීමෙන් සහ උසස් විනයකින් යුතුව කටයුතු කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටි අතර වැඩසටහනේ අවසාන අංගය ලෙස සේනාංකාධිපතිතුමන් සියලු නිලයන් සමඟ තේ පැන් සංග්‍රහයකට සහභාගී විය.

541, 542 සහ 543 පාබල බළසේනාවන්හි බලසේනාධිපතිවරුන්‚ අණදෙන නිලධාරීන්, ජ්‍යේෂ්ඨ/කණිෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් වැඩ භාර ගැනීමේ අවස්ථාව සදහා එක් විය.

මේජර් ජෙනරාල් ප්‍රදීප් කුලතුංග ජ්‍යේෂ්ඨ නිළධාරී 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති ධූරයට පත් වීමට පෙර යුද්ධ හමුදා මූලස්ථානයේ මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස රාජකාරී ඉටු කළේය.