Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

28th May 2024 17:57:51 Hours

54 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් එම් ටී අයි මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරි රාජකාරි භාරගන්නා ලදි.

මේජර් ජෙනරාල් තුෂාර මහලේකම් ජ්‍යෙෂ්ඨ නිළධාරි 2024 මැයි මස 25 වන සෙනසුරාදා දින මන්නාරම 54 වන පාබල සේනාංක මූලස්ථානයේ පැවති උත්සවයකදී නව සේනාංකාධිපති ලෙස වැඩ භාරගන්නා ලදී.

යුද්ධ හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව, මේජර් ජෙනරාල් තුෂාර මහලේකම් ජ්‍යෙෂ්ඨ නිළධාරි කදවුරු පරිශ්‍රයට පැමිණීමේදී කදවුරු මුරයක් පිරිනමන ලද අතර, දිනයේ පළමු අංගය ලෙස සේනාංක මූලස්ථානයේ පිහිටි ස්මාරකය වෙත පැමිණ මිය ගිය රණවිරුවන් සිහිකිරීම සඳහා උපහාර දැක්වීය. අනතුරුව 8 වන විජයභාහු පාබල රෙජිමේන්තු භඨ පිරිස් විසින් සම්මාන මුරයක් පිරිනමන ලදී.

පසුව, මේජර් ජෙනරාල් තුෂාර මහලේකම් ජ්‍යෙෂ්ඨ නිළධාරී ආගමික (බෞද්ධ, කතෝලික, ඉස්ලාම්, හින්දු) පූජකවරුන්ගේ ආශිර්වාද මධ්‍යයේ සේනාංකාධිපති ධූරයේ වැඩභාර ගන්නා ලදි.‍

වැඩ සටහන් මාලාවට අනුව නව සේනාංකාධිපතිතුමන් සේනාංක මූලස්ථානය යටතේ සේවය කරන ජ්‍යෙෂ්ඨ නිළධාරීන්‚ නිලධාරීන් සහ සෙසුනිළයින් සමඟ සමූහ ඡායාරූපයකටපෙනී සිටිමෙන් පසු 54 වන පාබල සේනාංක කාර්යාල සංකීර්ණය ඉදිරි පස අඹ පැළයක් රෝපණය කරන ලදි.

සේනාංකාධිපති සිය රාජකාරි ස්වභාවය සහ ඔහුගේ ඉදිරි වැඩ පිළිවෙල පිළිබද සේනාංකයේ සියලුම නිලධාරීන් සහ සෙසුනිලයින් නිලවශයෙන් අමතා, කැපවීමෙන් සහ උසස්විනයකින් යුතුව කටයුතු කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටි අතර, වැඩසටහනේ අවසාන අංගය ලෙස සේනාංකාධිපතිතුමන් සියලු නිලයන් සමඟතේ පැන් සංග්‍රහයකට සහභාගී විය.

පසුව කර්නල් ප්‍රමානී සහ බුද්ධි නිළධාරී විසින් බලප්‍රදේශය පිළිබද විස්තරාත්මක ඉදිරිපත් කිරීමක් නව සේනාංකාධිපතිතුමන් වෙත ඉදිරිපත් කල අතර, ඉන් අනතුරුව සියළු නිලධාරින් නිලධාරි නිවස්නයේ දි දිවා ආහාරද ලබා ගන්නා ලදි.

541, 542 සහ 543 පාබල බළසේනාවන්හි බළ සේනාධිපතිවරුන්‚ අණ දෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ/කණිෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයින් වැඩ භාර ගැනීමේ අවස්ථාව සදහා එක් විය.

මේජර් ජෙනරාල් තුෂාර මහලේකම් ජ්‍යෙෂ්ඨ නිළධාරී 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති ධූරයට පත්වීමට පෙර දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක ලෙස රාජකාරී ඉටු කළේය.