09th September 2024 09:20:52 Hours
54 වන පාබල සේනාංකාධීපති මේජර් ජෙනරාල් ආර්පීඒආර්පී රාජපක්ෂ ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරීතුමාගේ සංකල්පයකට අනුව ආරක්ෂක සේනා වන්නි ආඥාපති මේජර් ජෙනරාල් ජේ පී සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසීජ්යෙෂ්ඨ නිළධාරීගේ ප්‍රධානත්වයෙන් "ආරක්ෂක සේනා මූලස්ථාන (වන්නි) ආඥාපති අභියෝගතා කුසලානය - 2024" ක්‍රිකට් තරගය මන්නාරම දිස්ත්‍රික් ලේකම් ඇතලු රාජ්‍ය සහ පුද්ගලික අංශ වල ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් සිවිල් ප්‍රජාව තුළ සුහදතාවය වර්ධනය කිරීම අරමුණු කරගනිමින් 2024 සැප්තැම්බර් මස 07 වන දින මන්නාරම නගර සභා පිටියේදී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදි.
ක්‍රිකට් තරගයට සමගාමීව 54 පාබල සේනාංකය විසින් සංවිධානය කරන ලද මන්නාරම දිස්ත්‍රික්කයේ පාසල් අතර පැවැත්වූ තූර්ය වාදන තරඟාවලියේ ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග සහ සහතිකපත් ප්‍රධානය, ප්‍රදේශයේ තෝරාගත් පාසල් ළමුන් සඳහා පාසැල් බෑග්, සපත්තු සහ ලිපි ද්‍රව්‍ය කට්ටල 60 ක් සහ ප්රදේශයේතෝරාගත් පවුල් සදහා වියළි සලාක ඇසුරුම් හැටක් බෙදා දෙන ලදි. පාසල් දරුවන් වෙනුවෙන් බාටා පුද්ගලික සමාගමෙහි ක්ලයිව් මහතා සහ ප්‍රසාද් ලොකුබාලසූරිය මහතා විසින් අනුග්‍රහය දක්වන ලද අතර, වියළි සලාක ඇසුරුම් සදහා විශ්‍රාමිකමේජර් බර්ටි පෙරේරා මහතා විසින් අනුග්‍රහය දක්වන ලදී. තවද, මන්නාරම රදගුරු හිමිපාණන් වන අතිපූජ්‍ය ආචාර්ය ෆිඩෙලිස් ලයනල් එමානුවෙල් ප්‍රනාන්දු ඇතුළු ප්‍රදේශයේ ආගමික නායකයින් ගෞරවනීය ආරාධිතයන් ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.
ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි) ආඥාපති අභියෝගතා කුසලානය - 2024 ක්‍රිකට් තරගයේ ශූරතාවය මන්නාරම ෆැල්කන්ස් පිලට හිමිවූ අතර තූර්ය වාදක තරගයේ ශූරතාව මන්නාරම ශාන්ත සර්වේශස් බාලක විදුහල දිනා ගන්නා ලදි. ආරක්ෂක සේනා වන්නි ආඥාපතිතුමා විසින් ජයග්‍රාහී කණ්ඩායම් සඳහා ත්‍යාග සහ කුසලාන ප්රදානය කරන ලදී. තවද, තූර්ය වාදක තරඟාවලියේ ජයග්‍රාහකයින් සහ අනුශූරයින් සඳහා ද ත්‍යාග සහ සහතිකපත් ප්රධානයකරන ලදී.
මන්නාරම දිස්ත්‍රික් ලේකම් කේ කනකේෂ්වරන් මහතා, උතුරු මැද නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජගත් කුමාර ජ්‍යෙෂ්ඨ නිළධාරීතුමා,මන්නාරම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරුණ චන්ද්‍රපාල මහතා ඇතුලු යුද්ධ හමුදා සාමාජිකයින් සහ සිවිල් වැසියන් විශාල පිරිසක් ක්‍රිකට් තරගාවලිය නැරඹීම සදහා සහභාගී වන ලදි. තරගය අවසානයේ 54 වන පාබල සේනාංකය විසින් පාසල් සිසුන් සහ සිවිල් වැසියන් 600 දෙනෙකු වෙත දිවා භෝජන සංග්‍රහයක් පිරිනමන් ලදි.
තවද, මෙම වැඩසටහන් මාලාවට සමගාමීව 543 පාබල බලසේනා බළප්‍රදේශයේ සෙල්වරි ගම්මානයේ ජීවත් වන ජනතාව සදහා පිරිසිදු ජලය ලබාදීමඅරමුණු කර ගනිමින් ශ්‍රද්ධා රූපවාහිනියේ මූල්‍ය ආධාර ඇතිව 11 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සෙබලුන්ගේ ශ්‍රම දායකත්වයෙන් නවතමයෙන් ඉදිකරන ලද ජල පිරිපහදු මධ්යස්ථානයආරක්ෂක සේනා වන්නි ආඥාපති මේජර් ජෙනරාල් ජේපීසී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිළධාරීසහ 54 වන පාබල සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර්පීඒආර්පීරාජපක්ෂ ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරීතුමන් විසින් ජනතා අයිතියට පත් කරන ලදි.