Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

21st October 2023 14:17:24 Hours

54 පාබල සේනාංක මූලස්ථානයේ නිළධාරී නිවස්නයේ කණිෂ්ඨ නිළධාරීන් සදහා නවීකරණය කරන ලද නිවාඩු නිකේතන දෙකක් සහ නවතමයෙන් ඉදි කරන ලද බළලත් නිළධාරි සැරයන් නිවස්න නේවාසිකාගාර ගොඩනැගිල්ල විවෘත කිරීම

54 පාබල සේනාංක මූලස්ථාන සේනාංකාධිපති තුමන්ගේ සංකල්පයකට අනුව එම නිළධාරී නිවස්නයේ කණිෂ්ඨ නිළධාරීන් සදහා නවීකරණය කරන ලද නිවාඩු නිකේතන දෙකක් සහ බනි සැරයන් නිවස්නයේ නවතමයෙන් ඉදි කරන ලද නේවාසිකාගාර ගොඩනැගිල්ල සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී ඩබ්ලිව් ඒ සෙනෙවිරත්න යූඒස්පී පීඒස්සී ජ්යෙනෂ්ඨ නිළධාරී තුමන් විසින් 2023 ඔක්තෝබර් 16 දින විවෘත කරනු ලැබිණි.

මෙම විවෘත කිරිමේ අවස්ථාව සදහා 54 පාබල සේනාංක මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, නිළධාරීන් සහ ජ්‍යෙෂ්ඨ කොනොනීන් සහභාගි විය.