Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

17th February 2022 19:33:21 Hours

54 පාබල සේනාංක බළ ප්‍රෙද්ශයේ ගැබිණි මව්වරුන් හට පෝෂණ මළු බෙදාදීමේ වැඩසටහනක් සහ අඩුආදායම් ලාභී පවුලක් සදහා නව නිවසක් භාරදීම.

ආරක්ෂක සේනා මුලස්ථානය (වන්නි) අඥාපති මේජර් ජෙනරාල් චම්පක රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජේ‍යෂ්ඨ නිළධාරිගේ මග පෙන්වීම මත 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දර්ශණ විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පි යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ උපදෙස් පරිදි 543 පාබල බළසේනාවේ බළසේනාධිපතිගේ අධීක්ෂණයෙන් එම බළප්‍රෙද්ශයේ ජීවත් වන ගැබිණි මව්වරුන් 20 දෙනෙකු සඳහා 7 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිළධාරින් සහ සෙසු නිළයන්ගේ දායකත්වයෙන් රු. 13,000.00 ක් පමණ වටිනා පෝෂණ මළු, ළදරු භාණ්ඩ සහ සනීපාරක්ෂක භාණ්ඩ සහ අනෙකුත් අතවශ්‍ය ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් සහ ඊට සමගාමීව එම මව්වරුන් සදහා වෛද්‍ය සායනයක් මන්නාරම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය ඊ එස්. එන්. හිලරි පීරිස් ඇතුලු කාර්ය මණ්ඩලය විසින් 2022 පෙබරවාරි මස 11 දින මන්නාරම සංස්කෘතික ශාලාවේදී සිදු කරන ලදි.

එම වැඩසටහනට සමගාමීව එදිනම 543 පාබල බළසේනාව යටතේ පාලනය වන 11 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිළධාරිගේ අධීක්ෂණයෙන් සහ එම සෙබලුන්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකල නව නිවස සෙල්වරි ප්‍රදේශ‌යේ පදිංචි අඩු ආදායම්ලාභී පවුලක් වන ඊ.එම්.කේ බංඩාර මහතා වෙත බාරදීමේ උත්සවයක්ද තලෙයිමන්නාරම සෙල්වරි ප්‍රදේශයේදී පවත්වන ලදි.

මෙම වැඩසටහන් සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දර්ශණ විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී සහභාගි වූ අතර 543 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍ර්ගේඩියර් බී අයි අස්සලආරච්චි යූඑස්පී පීඑස්සී, 11 ශ්‍රීලකාහ අණදෙන නිළධාරි ලුතිතන් කර්නල් කේ ජී ඒම් පී ගුණතිලක යූඑස්පී, 7 විපාරෙ අණදෙන නිළධාරි මේජර් අයි කේ ජී එස් එන් ඒ බංඩාර ආර්ඩබ්ලිව්පී ආර්එස්පි යූඑස්පී, පේසාලෙ පොලිස් ස්ථානාධිපති ඇතුලු රාජ්‍ය නිළධාරින් පිරිසක් සහභාගි වන ලදි.