Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

14th September 2022 13:28:37 Hours

54 පාසේමු බළප්‍රදේශයේ යුද හමුදාවේ දායකත්වයෙන් ප්‍රජාසත්කාරක වැඩසටහනත් සිදු කරන ලදි.

54 පාසේමු සේනාංකාධිපති මේජර් ජෙනරාල් දර්ශණ විජේසේක ආර්ර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ උපදෙස් පරිදි සේනාංකයේ 12 වන සංවත්සරයට සමගාමීව මන්නාරම ප්‍රදේශය තුල පැතිර යමින් පවතින ඩෙංගු උවදුර මැඩලීමේ එක් පියවරක් වශයෙන් 543 පාබළ බසේමු බප්‍රදේශයට අයත් තල්ලඩි සිට මන්නාරම පාළම දෙසට දිවෙන ප්‍රධාන මාර්ගය දෙපස පිහිටා ඇති කළපු තීරය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යපාරයක් 2022 සැප්තැම්බර් මස 04 වන දින 150 ක භට පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදි. මෙම අවස්ථාව සදහා කර්නල් ප්‍රමා 54 පාසේමු, සිසම්නි 54 පාසේමු ඇතුලු නිළධාරින් සහ මන්නාරම නගර සභා කාර්යාල පිරිසක් සහභාගි වන ලදි.