Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

19th May 2022 20:36:12 Hours

54 පාබළ සේනාංක බළප්‍රදේශයේ පදිංචි අඩුආදායම් ලාභී පවුල් සදහා වියලි සලාක මලු බෙදාදීමේ වැඩසටහනක් පවත්වන ලදි.

ආරක්ෂක සේනා (වන්නි) ආඥාපති මේජර් ජෙනරාල් චම්පක රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ ආශිර්වාදය මත සහ 54 පාබළ සේනාංකයේ සෙනාංකාධිපති මේජර් ජෙනරාල් දර්ෂණ විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩිඑස් පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ උපදෙස් පරිදි 541, 542 සහ 543 පාබළ බළසේනාධිපති වරුන්ගේ සංවිධානයෙන් වෙසක් පොහොය දිනයට සමගාමීව මන්නාරම දිස්ත්‍රික්කය තුල ජීවත් වන අඩු ආදායම් ලාභී පවුල් 1500 ක් සදහා වියලි සලාක මලු බෙදාදීමේ වැඩසටහනක් පවත්වන ලදි. මෙම වැඩසටහනෙහි ප්‍රධාන උත්සවය 2022 මැයි මස 14 වන දින මන්නාරම මාතොට රජ මහා විහාරස්ථානයේදී පැවැත්වූ අතර එදිනම ඊට සමගාමීව 542 සහ 543 පාබළ බළසේනා මුලස්ථාන බළප්‍රදේශයන්හී වියලි සළාක මළු බෙදාදීම සිදු කරන ලදි. මෙම මහගු සත්කාරය ශ්‍රී සිද්ධාර්ථ පදනමෙහි සභාපති පූජ්‍ය තලගල සුමනරතන ස්වාමින් වහන්සේගේ සම්බන්ධීකරණයෙන් සිංගප්පූරුවේ Tan Ngak Buay and Kee Meng Lang Foundation Limited ආයතනය විසින් මූල්‍ය දායකත්වය දරන ලදි. මෙම අවස්ථාව සදහා ප්‍රදේශයේ සර්ව ආගමික නායකවරුන්, ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මන්නාරම දිසාපතිනිය වන ස්ටැන්ලි ද මෙල් මහත්මිය ද ප්‍රාදේශීය ලේකම් මන්නාරම, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මන්නාරම, 541, 542 සහ 543 පාබළ බළසේනා බළසේනාධිපතිවරුන් ස්වේච්ඡා සම්බන්ධීකරණ නිළධාරී, සිවිල් සම්බන්ධීකරණ නිළධාරී 54 පාබල සේනාංක මුලස්ථානය, 54 පාබල සේනාංක බළදේශයේ ඒකක අණදෙන නිළධාරීවරුන්සහ ප්‍රදේශයේ ග්‍රාමසේවක නිළධාරිවරුන් සහ අඩු ආදායම් ලාභීන් 1500 දෙනෙකු සහභාගි වන ලදි.