Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

26th March 2022 05:26:10 Hours

54 පාබල සේමු බළ ප්‍රදේශයේ තලෛයිමන්නාරම ප්‍රාදේශීය රෝහලේ අලුතින් ඉදිකරන ලද හදිසි ප්‍රථිකාර ඒකකය සදහා ඇදන් පරිත්‍යාග කරන ලදි

ආසේමු(වන්නි) ආඥාපති මේජර් ජෙනරාල් චම්පක රණසිංහ ආර්ඩබ්ලිවිපී ආර්ඒස්පී යූඒස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ ආශීර්වාදයෙන් සහ 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දර්ශණ විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ උපදෙස් පරිදි, 543 පාබල බසේමු බළසේනාධිපතිගේ අධීක්ෂණයෙන් 11 ශ්‍රීලංකා කාලතුවක්කු හමුදා බළප්‍රදේශයේ පිහිටි තලෛයිමන්නාරම ප්‍රාදේශිය රෝහලේ නවතමයෙන් ඉදිකරන ලද හදිසි ප්‍රථිකාර ඒකකය වෙත දැඩි සත්කාර ඒකක ඇදන් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2022 මාර්තු මස 16 දින එම රෝහලේදී පවත්වන ලදි. මෙම සත්කාරය සදහා මූල්‍ය දායකත්වය 543 පාබළ බළසේනාධිපති සහ 4 වන සංඥා බලකායේ අණදෙන නිළධාරිගේ සම්බන්ධීකරණය මත යූපීඑස් රොද්‍රිගෝ මහතා විසින් දරණ ලදි. මෙම අවස්ථාව සදහා 543 පාබළ බළසේනාධිපති, අණදෙන නිළධාරි 11 ශ්‍රීලංකා කාලතුවක්කු හමුදාව, අණදෙන නිළධාරි 4 ශ්‍රීලංකා සංඥා බළකාය සහ වෛද්‍යවරුන් ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලය සහභාගිවන ලදි