Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

15th May 2024 09:29:28 Hours

54 පාබල සේනාංක බලප්‍රදේශයේ රාජකාරී කරනු ලබන සෙනීන් හට මූලික වෛද්‍ය විද්‍යාව පිළිබඳ හඳුන්වාදීමේ පාඨමාලාවක් පවත්වන ලදී

54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේඑම්පීඑස්බී කුලතුංග ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමාගේ උපදෙස් පරිදි 541 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බීවයිසී ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මගපෙන්වීම යටතේ 54 පාබල සේනංක බලප්‍රදේශය තුල රාජකාරීහි නිරත සෙනීන් 40 දෙනෙකු සඳහා මූලික වෛද්‍ය විද්‍යාව පිළිබඳ හඳුන්වාදීමේ පාඨමාලාවක් 2024/05/06 දින සිට 2024/05/11 දින දක්වා දින 06 ක කාලයක් 541 පාබල බලසේනා මූලස්ථානයේදී පැවැත්වූ අතර, මෙම පාඨමාලාවන් සාර්ථකව අවසන් කළ සෙසුනිලයන් වෙත සහතිකපත් පිරිනැමිණි.

මෙම සහතිකපත් ප්‍රධාන උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 541 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බීවයිසී ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් සහභාගී වන ලදී.

බල ප්‍රදේශය තුල රාජකාරී නියුතු සෙසුනිලයින් හට ප්‍රථමාධාර, ආයුර්වේදය විද්‍යාව සහ සර්පයන් හැසිරවීම පිළිබඳ මූලික දැනුම හා අවබෝධය වර්ධනය කරවීම මෙම පාඨමාලාවේ අරමුණ විය.

දේශීය/භටහිර වෛද්‍ය විද්‍යාව හා ප්‍රථමාධාර පිළිබඳ දැනුම හා අවබෝධය ලබාදීම තුලින් තම ශරීර සෞඛ්‍ය පිළිබඳ වැඩි අවධානයක් යොමුකිරීමෙන් නිරෝගිමත් යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් බිහි කිරීමත්, නිවැරදි ප්‍රථමාධාර ක්‍රමවේදයන් පිළිබඳ දැනුම අවබෝධය හා නිවැරදි පෙර පුහුණුව ලබා දීමපාඨමාලාවේ පරමාර්ථය වේ. තවද, මේ සදහා දේශණ සහය ලබාදෙන ලද්දේ රෝගීන් භාරගන්නා ස්ථානය - 54 පාබල සේනාංකයේ වෛද්‍ය ලුතිතන් එස්එල්වයිජී කුමාර ශ්‍රීලයුවෛබ, පල්ලෙමඩු ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ ආයුර්වේද වෛද්‍ය පීඒ ප්‍රනාන්දු, 541 පාබල බලසේනාවේ හෙද සහයක සැරයන් කුමාර එම්ජීඑන්ජී සහ කමාන්ඩෝ රෙජිමේන්තු විශේෂ සංග්‍රාමික පුහුණු පාසලේ උපදේශක සැරයන් අබේසිංහ බීඒඑම්ජීඑස්අයිආර්කේ යන අයවලුන් විසිනි.